ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවතට

August 27, 2015

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් තාවකාලිකව අත්හිටුවමින් ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් පනවා තිබූ තහනම ඉවත් කර තිබේ. ඒ, නීතිපතිවරයා විසින් කරන ලද කරුණු දැක්වීමකට අනුවයි. පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් පැවති නඩුවේදී රහස් පොලීසිය මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුව මොහුට විදෙස් ගමන් වළක්වාලමින් වාරණ නියෝගයක් පැනවූවා.
අදාළ නඩුව අද දිනයේ  කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාගේ වාර්තාවට අනූව අධිකරණය කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්තුමිය විසින් හිටපු ආරක්ෂක ලේකම්වරයාට නිදහසේ සැරිසැරීමට අවකාශය සැලසෙන පරිදි විදෙස් ගමන් සඳහා අවසර ලබාදී ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p