මහින්දට ගෙදර යන්න වුනේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකිරීම නිසා

August 14, 2015

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් මගින් දෑනුම් දීලා තියනවා ජාතිවාදය ඈවිස්සීමට කටයුතු කරන්න එපා කියලා.මේ ඒකාධිපති පාලන ක්‍රමය තුළ බලය ලබා ගන්න බොහෝ දෙනා පාවිච්චි කරන්නේ ජතිවාදය සහ ආගම්වාදයි.

ජාතිවාදය මහින්ද පමණක් නොව රනිල්ද තම බලය ලබා ගෑනීමේ අරගලය වෙනුවෙන් භාවිතා කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ශය පවසයි. අද 14 දින මරදානේ පෑවති මාද්‍ය හමුවක් අමතමින් එම පුබුදු ජයගොඩ මහතා මේ බව පෑවසීය. මේ මාද්‍ය හමුව සදහා එම පක්ෂයේ සී ලන්දගේ මහතාද සහභාගීවිය.

ජාතිවාදය ප්‍රධාන පක්ෂවල සියලු නායකයින් තම බලය ලබා ගෑනීම සදහා භාවිතා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකිරීම නිසා මහින්දට ගෙදර යන්න වුනා. මහින්ද ගියාට පස්සේ බලයට ආපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ අගමෑති රනිල් ගෙන් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් නම් සාධාරණයක් ඉටු නොවුන බව පුබුදු ජයගොඩ මහතා පවසා සිටියා.

පසුගිය පෙබරවාරි මාසයේ දඹුල්ලේ ගොවීන්ට පහර දීම , ජුනි මාසේ දෙහිඅත්තකණ්ඩියේ ගොවීන්ට පහරදීම , මර්තු සහ අප්‍රේල් මාස වලට සිසුන්ට පහර දීම , මෑයි මාසේ මීතොට මුල්ලේ ජනතාවට පහර දීම වෑනි සිදු වීම් මගින් පෙන්වන්නේ ජනතාවට ලෑබුන ප්‍රජාතන්ත්‍රවාදය නිසාද ?

ප්‍රධාන පක්ෂ විශාල ලෙස මුදල් වියදම් කරමින් මෙවර මෑතිවරණයේ ප්‍රචාරණ කටයුතු සිදු කලා. මේවාට මුදල් කොහෙන්ද ? මේ අයට මුදල් ලෑබෙන්නේ විදේශයන්වලින් සහ රටේ ව්‍යාපාරිකයින්ගෙන් . එත්කොට මේ අය බලයට පත් වුනාම මේ මුදල් ලබා දීපු පුද්ගලයින් කියන දේ කරන්න වෙනවා. සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සහන දෙන්නේ කොහොමද ?  පක්ෂයක් විදිහට අපිට සියලු සහයෝගය ලබා දුන්නේ සාමාන්‍ය ජනතාවගේ මුදල් වලින්. ඊට අමතරව පිට රට වල සිටින අපේ සහෝදරවරු උදවුකලා.

ඉස්සරහට හෑදෙන්නේ හවුල් ආණ්ඩු . ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ඒ ගොල්ලෝ නවීන සමාජවාදයක් හොයා ගත්තා කියලා.ඒ නවීන සමාජවාදය නෙමේ නවීන සභාගවාදය. ඒ ගොල්ලොත් අන්තිමට මේ ගොඩට ඒකතුවෙනවා.

අපි කියනවා ජනතාවගේ අරගලය සදහා වමේ බලයක් ලෙස පෙනී සිටිනවා. අපි පෙරටුගාමී සමාජවාදී පක්ශය ලෙස 17 වෙනිදායින් පසු ජනතාව සමග වමේ බලයක් ලෙස පෙනී සිටිනවා.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p