ශ්‍රීලනිප 7 දෙනාට අගමැතිකම එපාලු – මහින්ද හොඳයිලු

August 14, 2015

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැතිධූරය සඳහා නම් කරන ලද ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨතයින් හත්දෙනා එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ.

අද පෙරවරුවේ ශ්‍රීලනිප මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පක්ෂයේ අදාළ ජ්‍යෙෂ්ඨතයින් හත්දෙනා නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න මහතා එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය.

එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු  ශ්‍රීලනිපයෙන් අගමැතිධූරයට වඩාත්ම උචිත වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවද ඒ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ඡනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විශේෂ ලිපියක් යොමු කරන ලදී.

එම ලිපයේ ඉදිරි මහ මැතිවරණයෙන් පසු අගමැති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ශ්‍රී.ල.නි.ප. සාමාජිකයින් හත්දෙනෙකුගේ නම් යෝජනා කර ඇති අතර ඉන් එක් ජ්‍යෙෂ්ඨ පුද්ගලයෙකුට අගමැතිකම ලබාදෙන බව එහි සඳහන් වුණි.

අදාළ ලිපියේ නිමල් සිරිපාලද සිල්වා, ජොන් සෙනවිරත්න,චමල් රාජපක්ෂ, අාතාවුද සෙනවිරත්න, ඒ.එච්.එම් ෆවුසි,සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන්ගේ නම් යෝජනා කර තිබුණි.

adaderana

Sammy

Previous story Next story

Leave a comment

t

o

p