‘මට ලිමොසින් එකක් දීපල්ලා…

August 12, 2015

අධිරාජ්‍යවාදය හා සමගාමීව හිටගත් එජාප – ජවිපෙ හවුල ‘නාමල්ගේ ලැම්බෝගිනිය’ ජාතික ප‍්‍රශ්නයක් බවට පත් කර ‘හිස ඔසවන බෙදුම්වාදය’ අනවශ්‍ය ප‍්‍රශ්නයක් බවට පත් කළා

අධිරාජ්‍යවාදය සමග එක පෙළට සිටගත් එජාපය, දෙමළ ජාතික සන්ධානය, ජවිපෙ ඇතුළු සියලූ දේශපාලන ව්‍යාපාර ‘නාමල්ගේ ලැම්බෝගිනිය පිළිබඳ බොරු අවලාද’ ජාතික ප‍්‍රශ්නයක් බවට පත් කළ බවත් හිස ඔසවන බෙදුම්වාදය අනවශ්‍ය ප‍්‍රශ්නයක් බවට පත් කළ බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

බත්තරමුල්ලේ ජනකලා කේන්ද්‍රයේ පැවැති ‘20 විස්ස’ තරුණ හමුවට එක් වූ තරුණ තරුණියන් අමතමින් විමල් වීරවංශ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

අධිරාජ්‍යවාදය නම් ප‍්‍රධාන සතුරා යට කොට බොහෝ සරල කරුණු මත මහජන මතය වෙනස් කිරීමේ මෙහෙයුමක් ජනවාරි 08 වැනිදාට පෙරත් ඉන් පසුවත් ඉහත කී ප‍්‍රතිගාමී බලවේග විසින් දියත් කොට ඇති බවත් මේ තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිට නිවැරදි සතුරා හඳුනා ගන්නා ලෙස තමන් මේ රටේ තරුණ පරපුරෙන් ඉල්ලා සිටින බවත් විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

සිය දේශනයේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය.

‘මේ මැතිවරණ සමයේ මේ රටේ තරුණ පරපුර ඇමතීම මගේ යුතුකමක් බව බොහෝ දෙනකු මා හට පැවසුවා. මම හිතනවා, ඒකට මට විශේෂ අයිතියකුත් තිබෙනවා කියා. ඒකට හේතුව අජිත් ජයවර්ධන සහෘදයා කිව්වා වගේ අපේ පාසල් කාලය සාමාන්‍ය ආකාරයෙන් ගෙවුණු පාසල් කාලයක් වුණේ නැහැ. අපේ තරුණ කාලය නිදහසින්, කෙළිදෙලෙන් ගෙවන්න පුළුවන් කාලයක් වුණේ නැහැ. අපේ තරුණ කාලයේ ඉතාමත් භීෂණකාරී වාතාවරණයක් රටේ තිබුණේ. දේශපාලන පක්‍ෂ තහනම් කරලා, ඉන්දියානු හමුදා ශ‍්‍රී ලංකාවට ඇවිල්ලා, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරන මේ වර්තමාන මහත්වරු ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ වටරවුම්වල ප‍්‍රදර්ශනයට තබපු යුගයක තමයි අපි අපේ තරුණ වයස ගෙව්වේ. මළ කඳන් ගංගාවල පාවෙලා යන යුගයක, තරුණයකු වීමම මරණ වරෙන්තුවක් ලැබීමේ හේතුවක් බවට පත්වූ යුගයක, ‘ගම්පෙරළිය’ පොත ළග තිබූ නිසා තරුණයන් පොලිස් අත්අඩංගුවට පත් වූ යුගයක, ආගමික අර්ථයෙන් හෝ ‘විමුක්තිය’ කියන වචනය තිබූ පොතක් ළග තබා ගත්තත් තරුණයන් අතුරුදහන් කළ යුගයක, ‘රතුපාට පොත් ළග තියා ගන්න එපා පුතේ’ කියලා දෙමව්පියන් බියෙන් ඉල්ලා සිටි යුගයක, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ එක අකුරක්වත් ජීවමානව නොතිබුණු යුගයක තමයි අපේ තරුණ වයස ගෙවිලා ගියේ.

ඒ නිසා එදා අපට තිබුණා වෙනස් අභියෝග බාර ගැනීමේ වගකීමක්. ඒ නිසා අපි අපේ තරුණ කාලයේ ප‍්‍රතිලාභ අපේක්‍ෂාවෙන් සිදු කරන දේශපාලනයක නිරත වූයේ නැහැ. මට මතකයි අපේ පාසලේ නාට්‍ය උළෙලක් තිබුණා. එහි එක නාට්‍යයක මමත් රගපෑවා. රගපාලා ඉවර වුණාට පස්සේ එවකට කළුතර දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී වී. එල්. විජේමාන්න මහතා ‘චරිතය ඉතා හොඳට කළා.  ඕනෙ දෙයක් තියෙනවා නම් කියන්න’ කියලා මාව දිරිගන්වලා ගියා.  ඕනෑ නම් අජිත්ලාට, අපට විවෘත ඉඩප‍්‍රස්ථාවක් තිබුණා මේ රටේ ප‍්‍රධාන යැයි කියන දේශපාලන ප‍්‍රවාහය සමග ගමනක් යන්න. නමුත් අපි තෝරා ගත්තේ ඒ මාවත නොවෙයි.

එදා අපි දැක්කා, ඉන්දීය හමුදාව මේ රටට ඇවිල්ලා සිදු වුණු විනාශය, දෙමළ බෙදුම්වාදය බලවත් වීමෙන් මේ රටට වන විනාශය. අජිත් සහ මගේ ඇසුර අප දෙන්නාට අන්‍යෝන්‍ය වශයෙන් බලපාන්න ඇති පිපාසයෙන් වගේ පොතපත කියැවීමට. සිකුරාදා හවස් වන විට අපි දෙන්නාම පාර අයිනට වෙලා පත්තර එනකන් ම`ග බලාගෙන ඉන්නවා. ඒ සිකුරාදා සවසට එන ඉරිදා පත්තරය අරගන්න. සමහර දවස්වල පත්තරය මිලදී ගන්න අපි ළග මුදල් තිබුණේ නැහැ. එක වරෙක මුදල් සොයාගත්තු විදිහ ගැන රසවත් කතාවක් තියෙනවා. මේක මට ඡුන්දයේදී පහර දෙන්න යොදා ගනියිද දන්නේ නැහැ. ඒත් මම කියන්නම්. එහෙම මුදල් නැති වුණු දවසක අපි ගියා කළුතර බෝ මළුවට. ටිකක් වෙලා එරමිණිය ගොතා ගෙන සිටියා. බෝ සමිඳුන්ට කෝච්චියෙන් යන අය දානවානේ 2 කාසි. ඒවා අපි ඉන්න තැනට වැටෙනවානේ. පත්තරයකට  ඕනෙ මුදල අපි ඒ විදියට ඇහිඳ ගත්තා. එහෙම කළෙත් කළුතර බෝ සමිඳුන්ට වැඳලා සමාව ඉල්ලාගෙන. අපි ඒ මුදලින් වෙන කිසිවක් කළේ නැහැ, පත්තර ගත්තේ. එහෙම නැතිව අපි අපේ පාසල් අවදියේ වෙනත් වින්දනයන් පසුපස ගියේ නැහැ. කුඩා කාලයේ පටන් අපට ඉරිදා පත්තර බලන්න පිපාසාවක් ආවා. රට, ජාතිය ගැන ඒවායේ තිබුණු අදහස් අපේ ජීවිතවලට එකතු වුණා. ඒ නිසා අපට පුළුවන් වුණා ස්වාධීනව මේ මව් පොළොව පිළිබඳව අපේම වූ අදහසකින් කටයුතු කරන්න, තීරණ ගන්න.

‘ජීවිතවලින් ගෙවන්න බැරි ණය’

ඒ හින්දා තමයි  ඕනෑම අභියෝගයක් ඉදිරියේ දණගහන්නෙ නැතිව, ඒවා සමග පොර බදන්න, ඒවා ජයග‍්‍රහණය පිණිස අප‍්‍රතිහත ධෛර්යයෙන් යුතුව කටයුතු කරන්න අද අපට ආත්ම විශ්වාසයක්, ආත්ම ශක්තියක් හා පන්නරයක් ලැබී තිබෙන්නේ. අපට අපේ ජීවිතවලින් ගෙවන්න බැරි ණයක් තියෙනවා. ඒ අපේ පරම්පරාවේ මැරුණු මිනිස්සු. මෙතැන එවැනි මිනිසකුගේ නම කියැවුණා. ඔහු උදය කීර්ති පෙරේරා. ඇත්ත වශයෙන්ම කිව්වොත්, ඒ අපේ පාසල් මිතුරා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය තෝරා ගත්තේ අජිත් හා මා නිසයි. ඒ නිසා අපේ හිත්වල ලොකු බරක් තිබුණා, උදය කීර්ති මරලා දාපු දවසේ ඉඳලා. පොතුපිටිය සුසාන භූමියේ තමයි උදය කීර්තිගේ ටයර් දමා පුළුස්සපු මළ සිරුර දමා ගොස් තිබුණේ. ඒ දවස්වල මගෙත් ගෙදරත් අතර සම්බන්ධතා නතර වෙලා තිබුණේ. කටකතාවක් ගියොත් ‘අන්න, අහවල් තැන විමල්වත් මරලා පුළුස්සලා දාලා’ කියලා අපේ තාත්තා මොන වැඩ තිබුණත් නවත්තලා බයෙන් වෙවුලමින් යනවා ඒ මළ මිනිය දිහා බලන්න.

අපේ පරම්පරාවේ ඒ මිනිස්සු ජීවිත පූජා කළා මේ රටේ ඒකීයභාවය රකින්න, බෙදුම්වාදය පරද්දන්න, මේ මව් පොළොව අධිරාජ්‍යවාදීන්ගේ රුදුරු දඩබිමක් වන එක වළක්වන්න. එකම අරමුණින් එකට බැඳිලා කටයුතු කළ අප අතුරින් ඔවුන් මිය ගියා. ඒත් අපි අධිරාජ්‍යවාදයට එරෙහි කොඩිය අතහැරියේ නැහැ. ඒ කොඩිය අත දරා ගෙන සිටි පක්‍ෂය කොඩිය අතහැරියත් අපි අත හැරියේ නැහැ. ඒ පක්‍ෂයේ මෙවර ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ රටේ ඒකීයභාවය පිළිබඳ එක වචනයක් ලියැවිලා නැහැ. අපේ සටනේ ස්වභාවය, රටාව වෙනස් වෙන්න ඇති. සටන ගලාගෙන යන මාවත වෙනස් වෙන්න ඇති. නමුත් අපි එදා සිටම අත දරා ගෙන සිටි කොඩිය අත හැරියේ නැහැ.

ශ‍්‍රී ලංකාවේ පමණක් නොවෙයි, ලෝකයේ  ඕනෑම තැනක තරුණ පරපුර වේගවත්. ඒ වේගවත් බව යහපත් දෙයකට යොදා ගන්න පුළුවන්, වගේම අයහපත් දෙයකට යොදා ගන්නත් පුළුවන්. රටක් ස්ථාවර කරන්න තරුණ පරපුර යොදා ගන්නවා වගේම රටක් අස්ථාවර කරන්නත් ඔවුන් යොදා ගන්න පුළුවන්.

ඔබ මේ රටේ තරුණ පරම්පරාව ලෙස තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. මේ රට ලෝක සිතියමේ පොඩි තිතක් වුණාට. මේ තිත වටිනවා මහා විශාල රාජ්‍යයකට වඩා. ඇමෙරිකාවේ ප‍්‍රවීණ දේශපාලන විශ්ලේෂකයන් කියනවා, ‘ලෝකයේ ගුරුත්වකේන්ද්‍රය යුරෝපයේ සිට ආසියාවට මාරු වෙනවා. ආසියාවට මාරු වෙද්දී එහි ගුරුත්වකේන්ද්‍රය වනු ඇත්තේ ශ‍්‍රී ලංකාවයි’ කියලා. ශ‍්‍රී ලංකාව ආසියාවේ ගුරුත්වකේන්ද්‍රය වන්නේ කෙසේද? රටක වටිනාකම නොදන්නා තරුණ පරම්පරාවකට ඒ රට ආරක්‍ෂා කරන්න බැහැ. අපි නොදන්නා මේ පොළොවේ වටිනාකම ගැන බටහිර බලවතුන් දන්නවා. ඔවුන්ගේ චන්ද්‍රිකා තාක්‍ෂණයට පුළුවන් මේ පොළොවේ අඩි 30කටත් වඩා ගැඹුරු දත්ත සොයාගැනීමට සහ ඒවා පිළිබඳ නිගමනවලට එළඹීමට. පසුගියදා ඉන්දීය ජනරජ දිනයට පැමිණි එක්සත් ජනපද ජනාධිපති බැරක් ඔබාමා ශ‍්‍රී ලංකාවේ සහ මියන්මාරයේ සිදු වූ බල පෙරළිවලට ඉන්දියාව දැක් වූ සහයෝගයට ස්තූතිවන්ත වුණා. ලෝක සිතියමේ මේ ‘තිත’ ගැන බැරක් ඔබාමා වද වෙන්නේ ඇයි? මේ රටේ කවරාකාරයේ පාලනයක් තිබුණත් බැරක් ඔබාමාට ප‍්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ.

‘මෝස්තර වාක්‍යවලට වල්මත් වීම’

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඔවුන්ගේ කොංග‍්‍රස් මණ්ඩලයට කියන්නේ, ‘ජනවාරි 08 වැනිදා ශ‍්‍රී ලංකාවේ සිදු වුණු බල පෙරළිය අපේ වැඩක්’ කියලා. ඇයි ඔවුන් මේ ‘තිත’ ඇතුළේ බල පෙරළියක් කරන්න මැදිහත් වෙන්නේ? බටහිර බලවතුන්ගෙන් මේ පොළොවට තිබෙන අන්තරාය සහ අවදානම තේරුම් නොගත්තොත් මෝස්තර වාක්‍යවලට වල්මත් වන එක නවත්වන්න බැහැ. ඔය ‘යහපාලනය’ කියන වචනය ලිබියාවේ, ඉරාකයේ, සිරියාවේ වැනි රටවල තොරොම්බල් කරපු වචනයක්. බටහිර ගැති ඒකාධිපතියො ඉන්න රටවල යහපාලනය කියන වචනය ‘මාකට්’ වෙන්නේ නැහැ. සවුදි අරාබිය පාලනය කරන්නේ රජවරු. ඒත් එතැන ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ‘රෝස වසන්තයක්’ නිර්මාණය වෙන්නේ නැහැ. එහෙම වෙන්නෙ සවුදි අරාබිය එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ න්‍යාය පත‍්‍රයට අනුව ඒකාධිපතීත්වය පවත්වා ගෙන යාමයි. ඒත් ඒකාධිපතීත්වයක් නොතිබුණත් බටහිර ජාතීන්ගේ අභිලාෂයන් ඉටු කිරීමට උදව් නොවන රටවල පාලකයන්ට අභියෝගයක් කරන්න මේ කියන ‘යහපාලනය’ කියන වචනය ඒ රටවල ජනතාවගේ සිතුවිලි අතරට යවනවා

මේ ගෙවී ගිය දශකය, ලෝකයේ රටවල් මොන තරම් අස්ථාවර කරපු දශකයක්ද? ලිබියාව හැඳින්වූයේ අප‍්‍රිකාවේ ක්‍ෂේමභූමිය ලෙසයි. ලෝකයේ කාටත් කරන්න බැරි වැඩ ගඩාෆි සිදුකළා. කෘෂි නිෂ්පාදන ඉහළ දමන්න පොළොව යටින් ඇල මාර්ග හැදුවා. කාන්තාර භූමි පවා හරිත කලාපයක් බවට පත් කළා. තරුණ විවාහක ජෝඩුවලට නොමිලේ නිවසක් දුන්නා. උපාධිය දක්වා අධ්‍යාපනය නොමිලේ දුන්නා. විදෙස්ගත වෙලා උපාධිය හදාරන්න  ඕනෑ නම් ඒකටත් මුදල් දුන්නා. වාහනයක් දීලා තෙල් කෝටා එකකුත් දුන්නා. මේ විදියටයි තරුණයන්ට සැලකුවේ. ලිබියාවේ කැරැල්ලට සම්බන්ධ වූ තරුණයන්ගේ රූප රාමු ඔබ දැක ඇති. ඔවුන් ඉතා වටිනා ඇඳුම් පැළඳුම් හැඳගත්, පිරිපුන් ශරීරවලින් යුක්ත අය. ඒ අය දිහා බැලූවාම පෙනෙනවා දුප්පත්කමේ සංකේතයක් ඒ රටේ නැහැ කියලා.

නමුත් ඒ තරුණ පිරිස්වලටත් බටහිර බලවතුන් කිව්වා ‘යහපාලනය ඇති කරන්න, පවුල් පාලනය නතර කරන්න’ කියලා. ඒ තරුණ පිරිස් බටහිර උදව් ඇතිව ඒක කළා. සතෙක් මරනවා වගේ ගඩාෆිව මැරුවා. අවසානයේදී ලිබියාවට කුමක්ද ලැබුණේ? අද ලිබියාවේ තෙල් සම්පත එක්සත් ජනපදය ඇතුළු බටහිර බහුජාතික සමාගම් විසින් කොල්ලකනවා. ඉරාකයේ, ඊජිප්තුවේ වුණෙත් මේ දෙයමයි. සිරියාවේ කරන්න හැදුවෙත් මේ දෙයමයි. මේ හැම රටක්ම මහා ශිෂ්ටාචාරයක් තිබුණු රටවල්. ඉරාකයේ අතිපෞරාණික ශිෂ්ටාචාරයක් තිබුණා. එහි කෞතුකාගාරයටත් ගුවනින් බෝම්බ ගැහුවා. ඒ ශිෂ්ටාචාරයේ සලකුණු මකා දැමුවා. අමතක කරන්න එපාෟ අද මේ ලෝකය ශිෂ්ටාචාර ගැටුමකට මුහුණ දී සිටින්නේ. ආර්ථික ගැටුමකුත් දේශපාලන ගැටුමකුත් වගේම ඒක ඇතුළේ ශිෂ්ටාචාර ගැටුමක් තිබෙනවා. පෙරදිග කියන්නේ ලෝකයට ශිෂ්ටාචාරයේ මහා ගුණාංග දයාද කළ කලාපයක්. බුදුන්වහන්සේ උපත ලැබූ, දාර්ශනිකයන්, බුද්ධිමතුන් දයාද කළ ඒ වගේම ලෝකයේ බොහෝ නව සෙයාගැනීම්වලට මුල් වූ පෙරදිගට ලෝකයේ බලය යොමු වෙමින් තිබෙන යුගයක් දැන් නිර්මාණය වෙමින් තිබෙනවා. ඒ නිසා බටහිර සහ පෙරදිග අතර දේශපාලන ගැටුම, ශිෂ්ටාචාර ගැටුමක් ස්වරූපයෙන් කරළියට එනවා.

මේ තත්ත්වය අපි නිවැරදිව වටහා නොගත්තොත් පහසුවෙන් අපේ තරුණ පරපුර තුළ යහපත් දේශපාලන ව්‍යාපාරයක් කෙරෙහි වුවත් වෛරය ඇති කරලා ඔවුන් වෛරී දේශපාලන ක‍්‍රියාන්විතයක ගොදුරු බවට පත්කර ගන්න පුළුවන්. මේ රට පෙරදිග ශිෂ්ටාචාරයේ ඉතා වැදගත් ස්ථානයක් හිමිකර ගන්නවා. ඉන්දියාවේ පුරාවිiාඥයන් කියනවා, ‘පෙරදිග පමණක් නොවෙයි, ඇතැම් විට ලෝකයේම මානව ශිෂ්ටාචාරයේ තොටිල්ල ශ‍්‍රී ලංකාව විය හැකියි’ කියලා.

ආදි මානවයා ජීවත් වූ බවට සාක්‍ෂි සහිත බිමක් මේ අපේ මව් පොළොව. අපි තවමත් ආදි මානව ලෙන් සියල්ල පරික්‍ෂා කරලා නැහැ. එහෙම කළොත් ලොවම නොදන්නා ඉතිහාස කතාවක් මතු වේවි. වෙන කොතැනකවත් නොරැකුණු ආගමක් වසර 2500ක් තිස්සේ මේ පොළොවේ රැුකෙනවා. වෙන කොතැනකවත් නිර්මාණය නොවුණු භාෂාවක් මෙතැන නිර්මාණය වෙනවා. වෙනත් භාෂාවන්හි නොමැති ගුණාංග මේ භාෂාවෙහි තිබෙනවා. ඉතිහාසය, පොතක ලියලා තිබුණු ජාතියක් මේ පොළොවේ ජීවත් වුණා. බුද්ධාගම හා බැඳුණු මහා ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ මෙතැන නිර්මාණය වුණා. තවමත් අපි දන්නෙ නැහැ, ‘සීගිරිගල උඩට වතුර ගෙන ගියේ කොහොමද?’ කියලා. ඒ වගේම ‘සීගිරිගල මුදුනේ සිය මාලිගාව හදාගෙන හිටපු රජතුමන් ඉහළට පහළට ගියේ කොහොමද?’ කියලා. පඩි පෙළින් නැග්ගා කියලා මම නම් පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ. යම් ආකාරයක සෝපානයක් තිබෙන්න ඇති කියලයි මම විශ්වාස කරන්නේ. වැසී ගිය නොදන්නා ඉතිහාසයක් තිබෙන පොළොවක් මේක. ඒ වගේම මෙහි දන්නා ඉතිහාසයත් ඉතාමත් බලවත්.

බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් දරුණු උත්සාහයක් ගත්තා මේ පොළාවේ ස`ගවුණු උරුමයන් උදුරා ගන්න. නමුත් එය අසාර්ථක වුණා. කෘෂිකර්මාන්තය හා බැඳුණු සාමුහික විඥානයක් සහිත ජීවන රටාවක් මේ පොළොවේ පැවතුණා. බුද්ධාගම විසින් පෝෂණය කරන ලද සභ්‍යත්වයක් මේ පොළොවේ නිර්මාණය වුණා. ඒ ජීවන රටාවත් සභ්‍යත්වයත් හේතුවෙන් එකිනෙකා හොඳින් මුහුවුණු මිනිස් සමාජයක් අපි සතුව තිබුණා. නමුත් ක‍්‍රමානුකූලව ඒ මිනිස් බැඳීම් දිය වන මාවතකට අපේ රට යොමු වුණා. අපි හමුවේ තිබෙන අභියෝගය තමයි ‘අපි කොහොමද ආරක්‍ෂා වෙමින් ඉදිරියට යන්නේ?’ කියන එක.

‘මට ලිමොසින් එකක් දීපල්ලා’

රටක් ඉදිරියට යාම, පිළිබඳව සුරංගනා කතා කියන්න පුළුවන්. නමුත් අපි බලන්න  ඕනෙ, ආරක්‍ෂා වෙමින් ඉදිරියට යන්න පුළුවන්ද, කියලා. මේ රටේ කාවේරි ද්‍රෝණියේ සහ මන්නාරම් ද්‍රෝණියේ ස්වාභාවික වායු සම්පත තිබෙනවා. මන්නාරම් ද්‍රෝණියේ තිබෙන ස්වාභාවික වායු සම්පත මේ රටට අවුරුදු 200කට ප‍්‍රමාණවත්. මේ ස්වාභාවික වායු සම්පත අපි නෙළා ගත්තොත්, මේ රටේ කර්මාන්තවලට විදුලි බලය වෙනුවට ස්වාභාවික වායු බලශක්තිය ලබා දෙන්න පුළුවන්. හැම ගෙදරකටම ගෑස් බටයක් එළන්න පුළුවන් වෙනවා. බලශක්ති පිරිවැය අඩු වෙනවා කියන්නේ, නිෂ්පාදන පිරිවැය අඩු වෙනවා කියන එකයි. දේශීය කර්මාන්තවලට පණ එනවා. කර්මාන්තවලට පණ එනවා කියන්නේ, ඔවුන් ලෝක වෙළඳපොළේ තමන්ට හිමිතැන සොයා යනවා කියන එකයි.

මේ අපට හිමි ස්වාභාවික වායු සම්පත කොල්ලකන්න තමයි කාවේරි ද්‍රෝණියත් මන්නාරම් ද්‍රෝණියත් දෙමළ ඊළමට අයත් වන විදියට දෙමළ ඊළාම් සිතියම බටහිර බලවතුන් විසින් ඇන්දේ. ඔවුන්ගේ අරමුණ මේ රට අස්ථාවර කොට, දෙකඩ කොට මේ ස්වාභාවික වායු සම්පත කොල්ලකෑම. බටහිර බලවතුන්ගේ කුලී සේනාංකයට නායකත්වය ලබාදුන් වේළුපිල්ලේ පිරබාහරන් මියගියාට ඔවුන්ගේ මේ කොල්ලකාරී අභිලාෂය මිය ගිහින් නැහැ. ඒකයි ඔවුන් අපට අපේම ඉලක්ක හඹාගෙන යන්න නොදෙන්නේ. මේ රටේ ස්ථාවර පාලකයෙක්, කොන්ද කෙලින් තියාගෙන කටයුතු කරන පාලකයෙක් හිටියොත් ඔවුන්ගේ මේ න්‍යාය පත‍්‍රය ජය ගන්න බැහැ. නමුත් දුර්වල පාලකයෙක් ගෙනල්ලා පුටුවේ වාඩි කළාම බටහිර න්‍යාය පත‍්‍රය ඔහු ලවා ඉටු කරවා ගන්න පුළුවන්.

ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේ, ඉරණවිල ‘ඇමෙරිකන් හ`ඩ’ ඔත්තු සේවා මධ්‍යස්ථානය පිහිටුවා වගේ, ඇමෙරිකා එක්සත් ජනපදය රනිල් වික‍්‍රමසිංහ පාලන සමයේ මේ රටේ තමන්ගේ හමුදා කඳවුරක් පිහිටුවන්න ඇගිලි ගනිමින් සිටිනවා. පසුගිය ජනාධිපතිවරණ සමයේ රාජපක්‍ෂ පාලනය සම්බන්ධයෙන් බොරු අවලාද ගහලා තරුණ පරපුර තුළ වෛරී මනසක් ඇති කරන්න මේ අය උත්සාහ කළා. එදා මේ වෛරී දේශපාලන ක‍්‍රියාන්විතයේ සිටි ‘අලූත් පරපුරේ’ තරුණයෙක් ‘ලැම්බෝගිනියක්’ ඉල්ලූවා. නාමල් රාජපක්‍ෂ තරුණයාට එදා ‘ලැම්බෝගිනි’ තිබෙන බව කියූ කතා, බොරු අවලාද බව අද ඔප්පු වෙලා තියෙනවා. අද ‘යහපාලන’ රාජිත සේනාරත්න මහත්තයා තම මැතිවරණ ව්‍යාපාරයට ‘මිනිබාර්’ සහිත අතිසුඛෝපභෝගී ‘ලිමොසින්’ රථයක් පාවිච්චි කරන බවට මාධ්‍ය වාර්තා පළ වුණා. මම දැන් බලාගෙන ඉන්නේ මේ ‘අලූත් පරපුරේ’ තරුණයා ‘මට ලිමොසින් එකක් දීපල්ලා’ කියලා කියන තුරුයි.

ශ‍්‍රී ලංකාවේ ඒකීයභාවය වෙනුවෙන් ජාතිකවාදී පදනමකින් සටන් වැදුණු ජනතා විමුක්ති පෙරමුණත් අද අධිරාජ්‍යවාදීන් විසින් ගිලගෙන ඉවරයි. ඔවුන්ගේ රතු කොඩියත් උදුරාගෙන ඉවරයි. ඒ නිසයි අද ජවිපෙ නායක අනුර දිසානායක ‘තුන් වේලටම’ මහින්ද රාජපක්‍ෂව ‘කන්න’ හදන්නේ. අඩුම තරමින් ‘පොඩි බඩගින්නකටවත්’ රනිල් වික‍්‍රමසිංහව ‘කන්න’ මේ අය සූදානම් නැහැ. ඒක තමයි ජවිපෙට අධිරාජ්‍යවාදීන් අද ලබාදී ඇති කොන්ත‍්‍රාත්තුව.

‘හතුරා නිවැරදිව හඳුනා නොගැනීම’

බලන්න, අද දෙමළ ඩයස්පෝරාව විසින් මළ මිනියක් විදියට හදලා, පෙට්ටියක දමලා ගිනි තබලා තමන්ගේ වෛරය පිට කරන්නේ කාට එරෙහිවද? මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව. එදා යුද ජයග‍්‍රහණයෙන් පස්සේ කිරිබත් කාපු මිනිස්සු රට බේරාගත්තු මහින්ද රාජපක්‍ෂව ගෙදර යැවුවාම ඉටු වෙන්නේ කාගේ උවමනාවද? දෙමළ ඩයස්පෝරාවේ උවමනාව, කොටින්ගේ උවමනාව. 2015 ජනවාරි 09 වැනිදා මහින්ද රාජපක්‍ෂ ගෙදර යනවිට කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවම ‘කිරිබත්’ කෑවේ ඇයි? කොටි ඩයස්පෝරාවට කිරිබත් කන්නද, මේ රටේ ඡුන්දදායකයන් තීරණ ගන්නේ? ඇයි එහෙම නම් 27,000කට අවසන් සටනේදී මැරෙන්න ඉඩ දුන්නේ? අපි අද සාමයෙන් ජීවත් වෙන්නෙ ඒ දරුවො 27,000 හින්දයි. අපට ආත්ම ගණනක් ගෙවා ගන්න බැරි ණයක් තියෙනවා. ඒ ණය ගෙවන්න  ඕනෙ මිනිස්සු අන්තිමේදී, දෙමළ ඩයස්පෝරාව අත්පොළොසන් දෙන තීරණයක් ලබා දුන්නා ජනවාරි 08 වැනිදා. මේක තමයි වැරදීම කියන්නේ. හතුරා නිවැරදිව හඳුනාගෙන ඊට සාපේක්‍ෂව ස්ථානගත වෙන්න බැරි නම්, වැරදීම් පමණයි සිදු වන්නේ.

‘මූලික ප‍්‍රතිවිරෝධය අධිරාජ්‍යවාදයයි’ කියලා අපට එදා ජනතා විමුක්ති පෙරමුණ ඉගැන්වූවා. අද අපට ඒක වත්මන් ජවිපෙ නායකයන්ට උගන්වන්න සිදු වෙලා තියෙනවා. කරුණාකරලා රෝහණ විජේවීරයන්ගේ ‘දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද? පොත කියවන්න’ කියලා මම අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලනවා. ඒත් වැඩක් නම් වෙන එකක් නැහැ.

අපි ඒ මූලික ප‍්‍රතිවිරෝධතාවට විරුද්ධ පැත්තේ හිටගන්න  ඕනෙ. එහෙම නැතිව ඒ සමග සමගාමීව නොවෙයි. අද ජවිපෙ ඉන්නේ අධිරාජ්‍යවාදය හා සමගාමීව. ඩයස්පෝරාව, දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්‍ෂය ඉන්නේ ඊට සමගාමීව. ඒ හින්දා වෙන්න ඇති අද ජවිපෙ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා මේ ආකාරයට මුදල් වියදම් කිරීමට හැකි වී තිබෙන්නේ. පුවත්පත් දැන්වීම්, රූපවාහිනී දැන්වීම්, සජීවී විකාශන සඳහා දැවැන්ත මුදලක් ඔවුන් අද මේ මහ මැතිවරණයේදී වියදම් කර තිබෙනවා. එදා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 39ක්, පළාත් සභා මන්ත‍්‍රීවරු 80ක්, පළාත් පාලන මන්ත‍්‍රීවරු 500ක් පමණ සිටි කාලයේදී නම් ‘මන්ත‍්‍රී වැටුප් අරමුදලට’ මාසිකව රුපියල් කෝටියක් පමණ ලැබුණා. ඒ මුදල් එදා මැතිවරණ ප‍්‍රචාරක වැඩවලට යෙදෙව්වා. නමුත් අද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 03ට බැහැලා ඉන්න ජවිපෙ මන්ත‍්‍රී වැටුප් අරමුදලේ විශාල මුදලක් තිබෙන්න විදියක් නැහැ. ඒ වගේම අද එයාලා කැට හොල්ලන්නෙත් නැහැනේ. අද අධිරාජ්‍යවාදය සමග සාමගාමීව හිටගත්තු අය මූලික ප‍්‍රතිවිරෝධතාව යට ගහලා, මහජන මතය අනෙත් පැත්තට හරවන්න ‘නාමල්ගේ ලැම්බෝගිනිය’ ජාතික ප‍්‍රශ්නය කරනවා. බෙදුම්වාදය අනවශ්‍ය ප‍්‍රශ්නයක් බවට පත් කරනවා.’

නෙළුම් කුළුණ, අධිවේගී මාර්ග, ඇවිදින මං තීරු, වරාය නගරය මේ සියලූ සංවර්ධන ව්‍යාපෘති පසුගිය ආණ්ඩුව ආරම්භ කළේ තරුණ ඔබ වෙනුවෙන්මයි. ඒත් අද රනිල් වික‍්‍රමසිංහ පාලනය තරුණ ඔබේ ඇස් නිලංකාර කරන බොරු පොරොන්දු මවනවා. තරුණයන්ට රැුකියා දශලක්‍ෂයක් දෙනවා කියන ගමන් බලයට ඇවිල්ලා ඉන්දියාව සමග සීපා ගිවිසුම අත්සන් කරන බව කියනවා. සීපා ගිවිසුම අත්සන් කළොත් මොකද වෙන්නේ? ඉන්දියානු ශ‍්‍රමිකයන්ට විසා නොමැතිව ලංකාවට පැමිණීමට ඉඩ ලැබෙනවා. එහෙම වුණොත් රැකියා අවස්ථා හැදේවි, හැබැයි ඉන්දියානු තරුණයන්ට මිස ශ‍්‍රී ලාංකික තරුණයන්ට නොවෙයි.

අපේ තරුණ පරපුර මේ තත්වය තේරුම් ගන්න  ඕනේ. අද ඔවුන්ගේ ජීවිත ගැට ගැහිලා තියෙන්නේ තාක්‍ෂණයත් සමග. ඒකෙන් පෙනෙන්නේ ජීවිතය ගැන ටිකයි. ඔබට නොපෙනෙන ලෝකයක් තිබෙනවා. ඔබ එය දැකගත යුතුයි. අපි එය පෙන්වා දිය යුතුයි. ඒක අපේ වගකීමක්, යුතුකමක්.

ජනවාරි 08 වැනිදා නොමග ගිය රට අගෝස්තු 17 වැනිදා සුමගට ගෙන එමු තරුණ, තරුණියනි, ඔබට ඒ මහා සටනේ යෝධ වගකීමක් පැවරී තිබෙනවා. ඔබ මේ රටේ ශක්තිය, ජවය. ඔබේ ජීවිතය, මේ රටේ අනාගතය යහපත් කරන මාවතේ ගෙනයන්න. ඒ සඳහා බිය නැතිව කෙලින් හිට ගන්න. මර්දනකාරී අනාගතයක් උදාවෙනවා දකින්න අකමැති සියලූම තරුණ, තරුණියනි, ජීවිතය සොයා සටන් කරන්න. මාතෘභූමිය වෙනුවෙන් සටන් කරන්න. අවබෝධය වෙනුවෙන් සටන් කරන්න. මව් පොළොව වෙනුවෙන්  ඕනෑම අනුපමේය කැපකිරීමක් කළ හැකි මහා රණකාමී බලවේගයක් ලෙස නැගී සිටින්න.

ඒ සඳහා ඔබ සැමට ධෛර්ය, ශක්තිය, යෝධ බල යෝධ වීර්ය ලැබේවා’’

රටට හිතැති ෆේස්බුන් ඔස්සේ සටන් වදින කොළඹ දිස්ත‍්‍රික්කයේ තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් මෙම තරුණ හමුව පැවැත්විණි. වර්ණවත් ඉසව් රැසක් ඔස්සේ සහභාගී වූ තරුණ තරුණියන් ආනන්දයෙන් ප‍්‍රඥාවට රැගෙන ගිය මෙම තරුණ හමුව අමතා ප‍්‍රවීණ රංගන ශිල්පිනී අනූෂා දමයන්ති, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍ර‍්‍රිනී සමන්මලී සලකසූරිය, කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මනෝවිද්‍යා උපදේශක අජිත් ජයවර්ධන යන මහත්ම මහත්මීහු ද අදහස් දැක්වූහ.

– අනුරුද්ධ බණ්ඩාර

Sammy

Previous story Next story

Leave a comment

t

o

p