හරීන් සමුගැනීම කල් දමයි

July 13, 2015

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් එකම වේදිකාවක සිටගත හොත් දේශපාලනයෙන් විශ‍්‍රාම ගැනීම ගත් තීරණය තාවකාලිකව කල් දමන බව ඌව ප‍්‍රධාන අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ තමන් මුලින් කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් සිය වත්මන් ස්ථාවරය පැහැදිලි කරමින්.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එළැඹෙන මහ මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය නොදෙනු ඇතැයි තමන් දැඩි සේ විශ්වාස කරන බව හරීන් ප‍්‍රනාන්දු මහතා අදාළ මුල් ප‍්‍රකාශයෙන් කියා සිටියා.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p