ජවිපෙ නාම යෝජනා 13දා

July 9, 2015

ජනතා විමුක්ති පෙරමුණේ නාම යෝජනා භාරදීම ලබන සඳුදා (13දා) දිවයින පුරා සියලුම දිස්ත්‍රික්කවලදී සිදු කරනු ලබන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පළාත් සභා මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය.

දූෂණයෙන් තොර අක්‍රමිකතාවලින් තොර උගත් බුද්ධිමත් අපේක්ෂකයන් මෙන්ම ජනතාව අත්හදා බැලූ නායකයින් රැසක්ම මෙවර තරග කරන බව පැවසූ පළාත් සභා මන්ත්‍රීවරයා මුල්ම රැලිය මහරගමදී ලබන 14දා පස්වරු 3.30ට පවත්වන බවද සඳහන් කළේය.

මෙම රැලියෙන් අනතුරුව ජාතික මට්ටමේ නායකයන් සහභාගී වන රැලි 100ක් පවත්වනු ලබන බව පැවසූ ලාල් කාන්ත මහතා දෙවන පෙළ රැලි 500ක්ද ප්‍රාදේශීය මට්ටමේ කුඩා රැස්වීම් 5000ක්ද පවත්වනු ලබන බවද සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p