කුමාර් ගුණරත්නම් දේශපාලන පිටියට

July 9, 2015

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට එම පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා සම්බන්ධවීමේ වැඩි ඉඩක් පවතින බව වාර්තා වේ.

මේ වනවිට ශ්‍රී ලංකාවෙන් පිට වන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දැනුම් දෙනු ලැබ සිටින කුමාර් ගුණරත්නම් මහතා තවමත් ඔස්ට්‍රේලියාව බලා ගොස් නොමැත.

මේ වනවිට ඔහු නැවත ප්‍රසිද්ධ දේශපාලනයට සම්බන්ධ කර ගැනීමේ උත්සාහයක පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියැළෙන බව වාර්තා වන අතර, පවතින මැතිවරණ උණුසුම හේතුවෙන් ගුණරත්නම් මහතාට ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට අවසර ලැබෙනු ඇති බවද පැවසේ.

මේ සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කළේ, කුමාර් ගුණරත්නම් මහතා සිය පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමේ බලාපොරොත්තුවක් ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව සමග සාකච්ඡා කරමින් සිටින බවත්ය.

මේ පිළිබඳව කළ විමසීමකදී මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ ඇමති ජෝන් අමරතුංග මහතා පැවසුවේ, කුමාර් ගුණරත්නම්ට ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට අවසර ලබාදීම පිණිස පළමුව ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විමසීම අත්‍යවශ්‍ය වන බවත්, එසේ නොමැතිව තමන්ට ඒ පිළිබඳව තනි තීරණ ගැනීමේ අවකාශයක් නොවන බවත්ය.

(අද)

Sammy

Previous story Next story

Leave a comment

t

o

p