සෑම දේශපාලන පක්ෂයකටම සම අයිතිය දෙන්න බෑ

July 6, 2015

සෑම දේශපාලන පක්ෂයකටම සම අයිතිය ලබාදිය නොහැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ලියාපදිංචි සෑම දේශපාලන පක්ෂයක්ම මැතිවරණයට ඉදිරිපත් නොවීමත්, ක්‍රියාකාරී නොවීමත් එයට හේතුවන බව කොමසාරිස්වරයා කියා සිටියේ අද(06) මානව හිමිකම් ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මැතිවරණ සමයේ මාධ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය පාලනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇත්දැයි මෙහිදී මාධ්‍යවේදියෙකු විසින් විමසන ලදුව දේශප්‍රිය මහතාගේ ප්‍රතිචාරය වූයේ පුද්ගලික මාධ්‍ය පාලනය කිරීම මිථි්‍යාවක් බවයි.

පෝස්ටර් ඇළවීම නීති විරෝධී ක්‍රියාවක් වුවද අපේක්ෂකයින්ට මනාප අංක ලබාදීමෙන් පසු එම අංක ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාවක්ද පවතින බැවින් එය පාලනය කිරීම ප්‍රායෝගික වශයෙන් ගැටළු සහගත බව මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.

එසේ වුවද මහාමාර්ග මධ්‍යයේ අපේක්ෂකයන්ගේ නම් හා අංක සඳහන් කරමින් තීන්ත භාවිතා කර ප්‍රකාශ සටහන් කර ඇත්නම් එකී අපේක්ෂකයන්ට හා ආධාරකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මහා මාර්ග දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදෙන බව දේශප්‍රිය මහතා සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p