වඩා ලොකු දූෂිතයන්ට නාම යෝජනා දුන්නත් අපට වැඩක් නෑ

July 6, 2015

නව රජය විසින් රජයේ සේවකයින්ට හිරිහැර,කරදර සිදුකරන බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම රජයෙන් රජයේ සේවකයින්ට තාඩන පීඩන එල්ලවන බවට ඊයේ සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එසේ වුවද රජයේ සේවකයින්ට වැරදි වැඩකිරීම සඳහා උපදෙස් දුන්නු අය පිළිබඳ පරීක්ෂණ පවත්වද්දී රජයේ සේවකයින්ගෙන් ප්‍රශ්න කිරීමට සිදුව ඇති බව කරුණාතිලක මහතා පෙන්වා දුන්නේ අද (06) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

කෙසේ වෙතත් පරීක්ෂණ කටයුතු සිදුකරගෙන යද්දී තමන්ගේ ආණ්ඩුවක් බලයට පැමිණිවිට බලාගන්නේ යයි ඇතැම් නිලධා‍රීන් විසින් තර්ජනය කරන බව හෙතෙම කියා සිටියේය.

එහෙත් ආණ්ඩු බලය ලැබුණත් නොලැබුණත් චෝදනා සහිත අයට එයින් පහසුවෙන් මිදීයාමට ඉඩකඩ ලබානොදෙන බව ඔහු අවධාරණය කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p