ඩ්‍රෝන, අවි හිස් අකර්මණ්‍ය කළ හැකි මයික්‍රොවේව් කාලතුවක්කුවක් රුසියාවෙන්

June 23, 2015

රුසියාව විසින් නවතම ක්‍ෂුද්‍ර තරංග කාලතුවක්කුවක් නිර්මාණය කර ඇතැයි වාර්තා වේ.  රුසියානු රාජ්‍ය සමාගමක් වන රොස්ටෙක් සමූහයට අයත් එක්සත් උපකරණ නිෂ්පාදන සංස්ථාව පවසා ඇත්තේ මෙම සුපිරි අධි සංඛ්‍යාත අවිය රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා එක්ස්පෝ 2015 ප‍්‍රදර්ශනය තුළදී එළි දැක්වීමට කටයුතු කරන බවයි.

මෙම අවිය විසින් එය වටා කිලෝමීටර් 10ක කලාපයක් පුරා අංශක 360ක වායු බහිෂ්කරණ කලාපයක් ඇති කරන අතර එමගින්  ඕනෑම ගුවන්යානයක, ඩ්‍රෝනයක හෝ නියෙමු මිසයිලයක ඉලෙක්ට්‍රොනික පද්ධතීන් අකර්මණ්‍ය කරන බව පැවසේ.

අඩු උන්නතාංශයක් සහිත ගුවන් ඉලක්ක සහ අති නිරවද්‍ය අවි හිස් වල ඉලෙක්ට්‍රොනික පද්ධතීන් සිය සංඛ්‍යාතය මගින් විනාශ කර දැමීමට මෙම ජංගම මයික්‍රොවේව් කාලතුවක්කුවට හැකි බව රොස්ටෙක් සමාගමේ ප‍්‍රකාශකයකු පවසා තිබේ.  එහි සැලසුම මගින් එය බුක් ගුවන්යානා නාශක මිසයිල පද්ධතියක බඳ මත සවි කළ හැකි බවද වාර්තා වේ.

රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ගයක් පවසා ඇත්තේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳව සලකා බැලූ විට මෙම මයික්‍රොවේව් කාලතුවක්කුව හා සම කළ හැකි අවියක් ලොව නොමැති බවයි.

විශේෂ වේදිකාවක සවි කළ විට සුපිරි අධි සංඛ්‍යාත කාලතුවක්කුව විසින් පූර්ණ පරිමාණයේ ආරක්‍ෂාවක් සපයන බවද ඔහු පවසා තිබේ.

රුසියානු මිලිටරි උපකරණවල රේඩියෝ ඉලෙක්ට්‍රොනික පද්ධතීන්ගේ අධි බල ක්‍ෂුද්‍ර තරංග විකිරණයට මුහුණදීමේ හැකියාව වර්ධනය කිරීම සඳහාද නව අවිය උපයෝගී කරගනු ඇතැයි පැවසේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p