උදයංග වීරතුංග යුක්ක්‍රේනයේ ඉන්නවාලු

June 21, 2015

තමාට එරෙහිව එල්ල වී ඇති  චෝදනා සම්බන්ධයෙන් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

විද්‍යුත් තැපෑල මාර්ගයෙන් නිකුත් කර ඇති අදාළ නිවේදනයෙන් ඔහු පෙන්වා දෙන්නේ යුක්ක්‍රේන කැරළිකරුවන්ට ආයුධ සැපයීම සහ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ පුද්ගලයෙකුගේ මරණය සම්බන්ධයෙන් තමාට එල්ලවී ඇති චෝදනා සාවද්‍ය බවයි.

යුක්‍රේනයේ බෙදුම්වාදී කැරළිකරුවන්ට ආයුධ සැපයූ බවට  එරට රජය විසින් ශ්‍රී ලංකා විදේශ කටයුතු  අමාත්‍යංශයට පැමිණිලි කර ඇති බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන උදයංග වීරතුංග මහතා පෙන්වා දෙන්නේ යුක්ක්‍රේන රජය තමා සම්බන්ධයෙන් කිසිදු අපරාධ විමර්ෂණයක්  සිදු නොකරන බවයි.

ඉන්දියාවේ සිටින යුක්ක්‍රේන තානාපතිවරයා විසින් තමාට එරෙහිව ඇති චෝදනාව අසත්‍යය බවට ශ්‍රී ලංකා විදේශ කටයුතු ඇමතිවරයාට සහ ලේකම්වරියට දැනුම්දී ඇති බවද ඔහු පවසයි.

මේ වන විට යුක්ක්‍රේනයේ කිව් නගරයේ තමාට වාසය කිරිමට හැකියාව ලැබී ඇත්තේද එම නිසා බව  උදයංග වීරතුංග මහතා පෙන්වා දෙයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p