මා හෙලිකොප්ටර ඉල්ලා නෑ… ආරක්‍ෂකයින්ගේ ගමන් රථ ටිකවත් ලබා දෙන්න..

June 20, 2015

තමනට ගමන් බිමන් යාමට හෙළිකොප්ටයක් ලබා දෙන්නැනි කිසිදු ඉල්ලීමක් තමන් රජයෙන් ඉල්ලා නොසිටි බවත් දැනට තමනට ලබා දී සිටින ආරජෂකයින්ට අවශ්‍ය රථවාහන හෝ ලබා දී නොමැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඒ මහතා වෙනුවෙන් ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා විසින් මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

හිටපු ජනාධිපතිතුමාගේ ආරක්‍ෂාව හා ගමන් පහසුකම්

මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ගමන් පහසුකම් සඳහා හෙලිකොප්ටර් යානයක් ලබා දී ඇතැයි යන්න සත්‍යයෙන් තොර ප‍්‍රවෘත්තියකි. එතුමා ජනවාරි 09 වනදා කොළඹ සිට තංගල්ලට හිටපු ජනාධිපතිවරයා ලෙස නිලවශයෙන් පාවිච්චි කල හෙලිකොප්ටර් ගමන හැර අද වන තෙක් රජයේ හෙලිකොප්ටර් පහසුකම් ලබා ගෙන නැත. එසේම එදා මෙදා තුර කිසිම අවස්ථාවක එතුමා හෙලිකොප්ටර් පහසුකම් ද ඉල්ලා නැත.

පොලිස් ආරක්‍ෂාව

පොලිස් නිලධාරීන් 105 දෙනෙකු ලබාදී ඇත. ඒ අතර සහකාර පොලිස් අධිකාරීවරුන් තුන් දෙනෙකු සිටී. ඒ අයට නිල වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් වාහන තුනක් ලැබි ඇත. නමුත් ඔවුන්ගේ රාජකාරී කටයුතු සඳහා කාර්යාල පහසුකම් ලබාදී නොමැති අතර අවම පහසුකම් වලින් යුත් ගොඩනැගිල්ලක නේවාසික පහසුකම් ලබා දී ඇත. ඉහත වාහන තුන හැර මෙම පොලිස් නිලධාරීන් 105 දෙනාට පොලිස් දෙපාර්තමේන්තුවෙන් වාහන හෝ එකදු යතුරු පැදියක් හෝ ලබාදී නොමැත. ලබාදී තිබූ වාහන 17ක් හා රාජකාරී දුරකථන ද පොලිස් දෙපාර්තමේන්තුව විසින් නැවත ලබා ගෙන ඇත. මෙම නිලධාරීන් හිටපු ජනාධිපතිතුමාගේ ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කරන්නේ පෞද්ගලිකව ලැබුණු වාහන හා කුලී පදනම මත ලබා ගත් වාහනය.

හමුදා ආරක්‍ෂාව

හමුදා නිලධාරීන් 108 දෙනෙකු ලබාදී ඇත. ඒ අතර උසස් නිලධාරීන් දෙදෙනෙකුද ඇත. එම නිලයන් සඳහා යුද හමුදාවෙන් ලැබීමට නියමිත නිල වාහන හෝ කාර්යාල පහසුකම් අද වන තෙක් ලැබී නොමැත. එසේම මෙම හමුදා නිලධාරීන් 108 දෙනාට ප‍්‍රවාහන පහසුකම් සඳහා එකම වාහනයක් හෝ යතුරු පැදියක් හෝ ලැබී නොමැත. තවද දෛනික රාජකාරි කටුයතු සඳහා කාර්යාල පහසුකම් ලැබී නොමැති අතර නේවාසික පහසුකම් පමණක් ලැබී ඇත. හිටපු ජනාධිපතිතුමා ලෙස මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ භාවිතය සඳහා ප‍්‍රභූ වාහන තුනක් හා ආරක්‍ෂක රථ තුනක් පමණක් ජනාධිපති කාර්යාලයෙන් ලැබී ඇත. අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප‍්‍රකාශ කර තිබෙන පරිදි එතුමාගේ ගමන් පහසුකම් සඳහා හෙලිකොප්ටර් පහසුකම් ලබා දී නොමැති අතර එසේ ලබා දෙන ලෙස ඉල්ලිමක්ද කර නොමැති බව අවධාරණයෙන් දන්වා සිටිමි.

රොහාන් වැලිවිට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ
මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්

Sammy

Previous story Next story

Leave a comment

t

o

p