දිනපොත් මුද්‍රණයට ගියේ මිලියන 14යි මිලියන 140ක් නොවෙයි

June 8, 2015

ඉදිකිරිම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය මගින් 2015 වසර සඳහා දිනපොත් හා දින දර්ශන මුද්‍රණය වෙනුවෙන් රුපියල් මිලියන 140ක මුදලක් වැය කර ඇති බවට කරන චෝදනාව තරයේ ප‍්‍රතික්ෂේප කරන බව ජා.නි.පෙ. පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පවසන්නේ ඒ සඳහා වැය වුයේ රුපියල් මිලියන 14ක් පමණක් බව සඳහන් කරයි.

එම නිවේදනය පහත පරිදි වෙයි.

අප පක්‍ෂයේ නායක විමල් වීරවංශ මහතා අමාත්‍ය ධුරය දැරූ ඉදිකිරිම්,ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයෙන් 2015 වසර සඳහා දිනපොත් හා දින දර්ශන මුද්‍රණයේදී මුදල් අවභාවිතයක් සිදුව අති බවට චෝදනා ඉදිරිපත්ව තිබේ.

එම චෝදනා විවිධ මාධ්‍ය ඔසසේ ප‍්‍රචාරය වූ අතර එමගින් ජනතාව තුළ ඇතිවිය හැකි වැරදි අවබෝධය දුරලනු වස් පහත සඳහන් පැහැදිලි  කිරීම ඉදිරිපත් කරන්නෙමු.

පළමුව, ඉදිකිරිම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය මගින් 2015 වසර සඳහා දිනපොත් හා දින දර්ශන මුද්‍රණය වෙනුවෙන් රුපියල් මිලියන 140ක මුදලක් වැය කර ඇති බවට කරන චෝදනාව තරයේ ප‍්‍රතික්ෂේප කරන අතර ඒ වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 14කි. එම මුදල වැයකර දිනපොත් හා දින දර්ශන මුද්‍රණය කර ඇත්තේ අමාත්‍යාංශය හා ඒ යටතේ පැවති ජාතින නිවාස සංවර්ධන අධිකාරිය, ශ‍්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන 10ක් වෙනුවෙනි.

අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ආයතන සියල්ල වෙනුවෙන් එක් දිනපොතක් හා එක් දිනදර්ශනයක් මුද්‍රණය කරනු ලැබූවේද පිරිවැය අඩුකර ගැනීමේ අරමුණෙනි. මෙම කටයුත්තේදී නිසි පරිදි ටෙන්ඩර් කැඳවා ලැබුණු අයදුම්පත‍්‍ර අතුරින් අවම මිල ගණන් ඉදිරිපත් කළ නුගේගොඩ ඉමාෂි ආයතනය වෙත මුද්‍රණ ටෙන්ඩරය ලබා දී ඇත. මුද්‍රණයෙන් අනතුරුව එම දින දර්ශන හා දිනපොත් සියල්ල ඉහත කී ආයතන 10ට ඇණවුම් කළ පරිදි බෙදා දී ඒ බවට මුද්‍රණකරු අදාළ ආයතන බලධාරීන්ගෙන් අත්සන්ද ලබාගෙන තිබේ. මෙසේ නිසි ක‍්‍රමවේද අනුගමනයකර තිබියදී ඉදිරිපත් කරනු ලබන චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන්නෙමු. මෙම කරුණද මින් පෙර ඉදිරිපත් කරනු ලැබූ මඩ, අවලාද ගොන්නට එක් වන්නක් මිස අන් කිසිවක් නොවේ. මෙවැනි අසත්‍ය කරුණුවලට නොරැුවටෙන ලෙස සියලූ ප‍්‍රගතිශිලී ජනකොටස් වෙතින් ඉල්ලා සිටින්නෙමු.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p