ඇමරිකානු-ඊශ‍්‍රායල ප‍්‍රහාරයකින් ගැලවීමට ඉරානය රුසියාව, චීනය සමග එක්විය යුතුයි

May 23, 2015

ඇමරිකාව හා ඊශ‍්‍රායලය විසින් එල්ලවිය හැකි ප‍්‍රහාරයකින් ආරක්‍ෂා වීම සඳහා ඉරානය ගත හැකි සියලූ ආරක්‍ෂක විධිවිධාන ගත යුතු බවත් රුසියාව හා චීනය සමග සන්ධානය ශක්තිමත් කරගත යුතු බවත් ඇමරිකානු හිටපු සෙනෙට් අපේක්‍ෂක මාක් ඩැන්කොෆ් පවසා තිබේ.

ඔහු පවසා ඇත්තේ සිරියාවේ හා ඉරාකයේ දැන් පවතින තත්වය මත ඉදිරි වසර හෝ වසර එකහමාරක කාල තුළදී ඇමරිකානු හමුදා භටයින් එම රාජ්‍යයන් වෙත යෙදවීමට ඉඩ ඇති බවයි.

මෙය ඉරානයට එරෙහි යුද්ධයක පෙරනිමිති විය හැකි බව ඩැන්කොෆ්ගේ අදහසයි.

ඉරාන න්‍යෂ්ටික එකගතා ගිවිසුම අත්සන් නොකරන බවට වොෂින්ටනය සිදුකළ තර්ජනය පිළිබඳ අදහස් දක්වමින් ඩැන්කොෆ් පවසා ඇත්තේ ඇමරිකානු කොංග‍්‍රසයේ යුධවාදී ස්වභාවය මත මෙවැනි ගිවිසුමක් ඇතිකරගත නොහැකිව පැවති බවයි.

මේ හේතුවෙන් ඉදිරියේදී එල්ලවිය හැකි ප‍්‍රහාරයකට මුහුණදීම සඳහා රුසියාව හා චීනය සමග සබඳතා තරකරගත යුතු බවද ඔහු පවසා තිබේ.

අපේ‍්‍රල් මසදී ඉරානය හා ලෝක බලවතුන් 6 දෙනා අතර එකගතාවය පළවූ මූලික ප‍්‍රතිපත්ති රාමුවට අදාළද අවසන් ගිවිසුමක් ජුනි මස අග වන විට සකසා අවසන් කළ යුතුව ඇති අතර ඉරානය විසින් සිය මිලිටරි සංකීර්ණයන් නිරීක්‍ෂණයට ඉඩ නොදෙන්නේ නම් ගිවිසුමට එක් නොවන බව ඇමරිකාව පසුගියදා පවසන ලදී

Sammy

Previous story Next story

Leave a comment

t

o

p