යහපාලනයේ පිහිටෙන් විකිණෙන නිදහස් අධ්‍යාපනය

May 11, 2015

වත්මන් රජයද මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අවසර ලබාදීලා තියනවා. පසුගිය කාලයේ යහපාලනයක් ගෙන එනවා කියලා බලයට පත්වුන මේ ආණ්ඩුව කරන්නේත් රාජපක්ශ රජය කරපු වෑඩ පිළිවෙලම බව පෙරටුගාමී සමාජවාදී පක්ශය පවසයි.

අද 11 දින මාධ්‍ය හමුවක් කෑදවමින් එම පක්ශයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා මේ බව පෑවසීය. මේ සදහා එම පක්ෂයේ ජාතික කමිටු සාමාජික සුරංග ප්‍රියදර්ශන මහතාද සහභාගී විය.

 

වෑඩි දුරටත් අදහස් දක්වමින් දුමින්ද නාගමුව මහතා……

‘‘මේ මාධ්‍ය සාකච්ඡුාව අද දවසේ කැඳෙව්වේ අධ්‍යාපන පෞද්ගලිකකරණය සඳහා වත්මන් ආණ්ඩුව ගෙන ඇති තවත් බරපතළ පියවරක් හෙළිදරව් කරන්න. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සඳහා පසුගිය වසර 35ක පමණ ඉතිහාසය පුරා විවිධ ආණ්ඩු උත්සාහ කළා. 1981 දි උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරන්න මුල්ගල තිබ්බෙත් එජාප ආණ්ඩුවක්. එදා උසස් අධ්‍යාපන ඇමැති හිටියේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයා. රාජපක්ෂ පාලනය තුුළත් ඒ දේම කරන්න උත්සාහ කළා. ඒ සඳහා ගත් එක් ප‍්‍රවේශයක් තමයි දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය කියල කියන්නෙ. නැත්නම් එය සයිටම් (ී්ෂඔඵ* ආයතනය ලෙසත් හඳුන්වනවා.
මේ ආයතනයෙ මුළු ඉතිහාසයම වංචාවලින් පිරිලා තියෙන්නෙ. 2010 ශිෂ්‍යයන් බඳවා ගන්න පළකරපු පුවත්පත් දැන්වීමේ කරුණු තුනක් සඳහන් කරලා තිබුණා. පළවෙනි එක නිෂ්නි නව්ග්‍රොද් (රුසියාවේ* විශ්වවිද්‍යාලයට අනුබද්ධයි කියලා. දෙවැනි කාරණය ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගන්නවා කියලා. තුන්වැනි කාරණේ එක්සත් රාජධානි වෛද්‍ය සභාව පිළිගන්නවා කියලා. මේ කාරණා තුනම පට්ටපල් බොරු. ඒ ආයතනවලින්ම නිකුත් කරපු ලේඛන හරහා ඒ බව ඔප්පු කරන්න පුළුවන්. දැනටත් මේ රැුවටීමට ලක්වෙච්ච ශිෂ්‍යයන්ගේ දෙමව්පියෝ පිරිසක් කඩුවෙල මහෙස්ත‍්‍රාත් උසාවියේ නඩුවක් පවරලා තියෙනවා.
මේ ආයතනය ආරම්භ කරලා අවුරුදු දෙකහමාරක් යනකම්ම සායන පහසුකම් ශිෂ්‍යයන්ට ලබාදෙන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. මෙය පිළිගත් උපාධියක් නොවුණ නිසා තමයි එහෙම වුණේ. නෙවිල් ප‍්‍රනාන්දු මහත්තයා ඒ කියන්නේ මේකේ අධ්‍යක්ෂවරයා ලංකා බැංකුවෙන් ණයක් අරගෙන ශික්ෂණ රෝහලක් ආරම්භ කළා. එතකොට ඒක ලංකාවේ පළවෙනි පෞද්ගලික ශික්ෂණ රෝහල.
මේ ගැන රටේ සාකච්ඡුාවක් මතුවුණාම පාර්ලිමේන්තුවේ දි එවකට සෞඛ්‍ය ඇමැතිව සිටි මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා එවැනි ආයතනයකට අවසර දී නැහැ කියලා 2011 ජුනි 20 වැනිදා ප‍්‍රකාශ කළා. 2011 නොවැම්බර් මාසෙදි ඔහු නැවත කියා සිටියා ශික්ෂණ රෝහලක් ලෙස පෙනී සිටීම පිළිබඳව මෙම ආයතනයට එරෙහිව ක‍්‍ර‍්‍රියාමාර්ග ගන්නවා කියලා. නමුත් තවමත් ක‍්‍රියාමාර්ග නෑ.
මේ අතරතුර එවකට උසස් අධ්‍යාපන ඇමැතිව හිටි එස්. බී. දිසානායක මහත්තයා 2011 අගෝස්තු 30 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පිළිගත් උපාධි ප‍්‍රදානය කරන ආයතනයක් බවට පත් කළා. ඒක තමයි ලංකාවේ අධ්‍යාපන ආයතනයක් පිළිබඳව නිකුත් කළ පලමු කොන්දේසි ගැසට් පත‍්‍රය. ඒ හරහා දෙන්නං කාසිවලට අනුමැතිය දෙනවා වගේ මාස හයකින් කොන්දේසි සපුරනවා කියන එක`ගතාවයට අනුව තමයි ඒ අවසරය දුන්නේ.
2012 මාර්තු 30 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත් කළ කමිටුවකින් මෙම ආයතනය පිළිබඳව නිර්දේශ දෙකක් ඉදිරිපත් කොට තිබුණා. පළවෙනි එක සිසුන් බඳවා ගැනීම වහාම නවත්වන ලෙසට. දෙවැනි එක දැනටමත් බඳවාගත් සිසුන්ට වෙනත් රටවලින් උපාධි ලබාගැනීමට වැඩපිළිවෙළක් සකසන ලෙස. මේ අතරතුර 2012 මාර්තු මාසේ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක එහි ලේකම් සුනිල් ජයන්ත නවරත්නගේ මූලිකත්වයෙන් තවත් කමිටුවක් පත් කරනවා. ඒ කමිටුව මවිතය දනවනසුලූ විදියට මේ ආයතනය සුදුසුකම් සපුරා ඇති බව ප‍්‍රකාශ කරනවා.
නමුත් මේ සියල්ල අතරතුර වෛද්‍ය සභාව, සයිටම් ආයතනය පිළිගත් උපාධි ප‍්‍රදානය කරන ආයතනයක් ලෙස පිළිනොගත් නිසා ප‍්‍රශ්නය තවදුරටත් පැවතුණා. ඒ අතරතුර තමයි මීට විරුද්ධව පෙනී සිටි වෛද්‍ය සභාවේ රෙජිස්ට‍්‍රාර් වෛද්‍ය නෝනිස්ට ඇසිඞ් ප‍්‍රහාරයක්  එල්ල වෙන්නෙ. එම සිද්ධියෙන් පසුව ඔහු කියා තිබුණා තමන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල උවමනාවට එරෙහි වීම නිසා තමයි මේ දේ කරන්න ඇත්තේ කියලා.
ඒ නිසා සයිටම් ආයතනයේ ඉතිහාසය මෙවැනි ප‍්‍රශ්න ගණනාවකින් පිරිලා තියෙනවා. එහෙම තියෙන තත්වයක් යටතේ තමයි තවත් උපාධි දෙකක් පිරිනැමීම සඳහා වත්මන් උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම අනුමැතිය දීලා තියෙන්නෙ. 2015 මැයි මාසේ 07 වැනිදා එල්.ඞී.බී. 21/ 1978 (ං* යන දාතමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය හරහා එම අවසරය ලබාදීල තියෙන්නෙ.
පසුගිය කාලයේ මේ නිවේදන නිකුත් වුණේ එස්.බී. දිසානායකගේ අත්සනින්. දැන් ඒක කරන්නේ සරත් අමුණුගමගේ අත්සනින්. එකම වැඬේ කෙරෙනවා මූණු විතරක් මාරුවෙලා තියෙනවා. ජනවාරි 08 වැනිදා කළයි කියන විප්ලවය මේකද? හොර ගුහාවකට හෙවිල්ලක් බැලිල්ලක් නැතිව තවත් උපාධි විකුණන්න ඉඩදෙන එකද යහපාලනය? නිදහස් අධ්‍යාපනය ගැන හෙළන කඳුළු කිඹුල් කඳුළු බව මේ කරන වැඩවලින් පැහැදිලියි.
මේවාට විරුද්ධ වන ශිෂ්‍යයන්ගේ ගෙවල්වලට ගිහින් තර්ජනය කිරීම නැවත පටන් අරන්. පොලිසියෙන් ශිෂ්‍යයෝ තුන්දෙනෙක් පැහැරගෙන ඔවුන්ට නීතිඥයන්ගේ සහාය ගන්න දෙන්නෙ නැතුව කෙලින්ම උසාවියට දාන එකද අලූත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය? ඔත්තු සේවා නිලධාරීන් ගෙදරට යවලා ශිෂ්‍යයන්ගේ දෙමාපියන් බිය වැද්දීම රාජපක්ෂ පාලනයත් කළා, දැන් රනිල් – මෛත‍්‍රී පාලනයත් කරනවා. වෙනස මොකක්ද?
ජනතාවගේ අධ්‍යාපන අයිතිය අහෝසි කරන්න අධ්‍යාපනය විකුණන්න කපන වළ තමයි තවත් මේ ගැඹුරු කරන්නෙ. අපි ජනතාවගෙන් ඉල්ලනවා මේ දීල තියෙන අපායේ ඉන්ටවල් එකට රැුවටෙන්නෙ නැතිව තමන්ගේ අයිතීන් රැුකගන්න පෙරට එන්න කියලා. ’’

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p