මෛත්‍රී – මහින්ද හමුවෙන් පසු වැදගත් තීන්දු රැසක්‌

May 6, 2015

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර පැවැත්වෙන සාකච්ඡාවලින් අනතුරුව ජනාධිපතිවරයා විසින් වැදගත් දේශපාලන තීන්දු රැසක්‌ ගනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ භාණ්‌ඩාගාරික කම්කරු අමාත්‍ය එස්‌. බී. නාවින්න මහතා “දිවයින” ට ඊයේ (5 දා) පැවසීය.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ ඇමැතිවරයා මෙම සාකච්ඡාවල ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ශක්‌තිමත් කොට මේ රටේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රධාන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ආණ්‌ඩුවක්‌ පිහිටුවීම බව ද කීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කෑලිවලට කඩන්න අපි කාටවත් ඉඩ දෙන්නේ නෑ. පක්‍ෂය තුළ කල්ලි හදන්නත් ඉඩ දෙන්නේ නැහැ. ප්‍රශ්න තිබෙනව නම් ඒවා සාකච්ඡා මාර්ගයෙන් විස¹ ගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සියලු දෙනාටම ලබා දී තිබෙනවා.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p