‘19’ට ආයෙත් පොල්ලක්..

April 27, 2015

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති  වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ඉදිරිපත් කර ඇති සංශෝධන සම්බන්දයෙන් සාකච්චා කිරීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී කැඳවූ සාකච්චාව නිසි එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද සභාභාගී වී ඇති එම සාකච්චාවේදී මුල්ම සංශෝධනය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජී.එල්. පීරිස් මහතා විසින් පැහැදිලි කර ඇත.

ඉන් යෝජනා කර ඇත්තේ ජනාධිපතිවරයා හදිසි අනතුරකට හෝ විපතකට පත් වූ විට පාර්ලිමේන්තු බහුතරය පෙන්වන පුද්ගලයා ජනාධිපති වීමයි.

ඊට දැඩි විරෝධය පල කර ඇති අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දැඩි ආවේගයෙන් අදහස් දක්වා ඇති අතර සන්ධාන නායකයන්ද අදහස් පල කිරීමට යාමෙන් උණුසුම් තත්වයක් ඇති විය.

ඊළඟ සංශෝධනය පැහැදිලි කල වාසුදේව නානායක්කාර මන්ත‍්‍රිවරයා කියා සිටියේ පත් කිරීමට යන ව්‍යවස්තාදායක සභාව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන්ද සමන්විත යුතු බවයි.

ඊටත තදබල ලෙස කරුණු දක්වමින් අගමැතිවරයා ‘අපි ජනවරමක් අරන් තියෙනව මේක කරන්න. ඒ අනුවයි මේක කරන්නෙ. ඒකෙ තිබුනෙ ව්‍යවස්ථාදායකසභාව නම් කරන්න මේ විදිහට. ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නෑ. ගිය ආණ්ඩුවේ 18 වන සංශෝධනයත් එක හේතුවක් යුරෝපා සංගමයෙන් ජීඑස්පී ප්ලස් සහකාය අයින් කරන්න. මාළු තහනමක් පනවන්න. ඒව අපි ඉවත් කරගන්න නම් මේක කරනන්  ඕන’ යයි වේගයෙන් අදහස් කරද්දී විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර මන්තී‍්‍රවරුන් මැදිහත් විමසා සිටියේ ‘මේව කරන්නෙ එතකොට යුරෝප සංගමය සතුටු කරන්න දැයි’ අගමැතිවරයා තවත් කෝප ගන්වමින් විමසා සිටියේය.

රජීවු විජේසිංහ මන්ත‍්‍රීවරයාද ඊට මැදිත්වෙමින් අදහස් පල කලේ ‘ඒ ප‍්‍රකාශය නිවැරදි නෑ. යුරෝපං සංගමය ජීඑස්පී ප්ලස් නැති කරන්න තීරණය කලේ 2008දි. 18 වන සංශෝදනය කලේ 2010දි. මාළු කහනම ආවෙ මේ මෑත කාලෙ’ ලෙසටයි.

අනතුරුව අගමැතිවරයා පිළිතුරු සෙදන්නට යාමේදී ඇති වූ දැඩු ඝෝෂාකාරී තත්වය පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයා මේසයට තට්ටු කරමින් උත්සාහයක් ගත්තද එය සාර්ථක වූයේ නැත.

අවසානයේ ජනාධිපතිවරයා විසින් යෝජනා කලේ දෙපාර්ශ්වයෙන් තිදෙනා බැගින් දමා කමිටුවක් සාදා හැකි තාක් ඒ හරහා එකඟතාවයන්ට පැමිනෙන ඒවා හා එසේ නොවන ඒවා නීතිපතිවරයාට ඉදිරිපත් කර තීරණයක් ගන්නා ලෙසයි.

කිසිවකු නීතිපතිවරයා මුණු ගැසීම අවශ්‍ය නොවන බවත් තමන් නිලධාරීන් ගෙන ආවේ ඇහුන්කන් දීම සඳහා පමණක් බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා ඇති අතර අවසානයේ දෙපාර්ශවයේ නියෝජිතයන් තිදෙනා බැගින් පත් කර අවසන් තීරණය ගැනීම සඳහා පවරා තිබේ.

cnews

Sammy

Previous story Next story

Leave a comment

t

o

p