‘මහින්දට ගේ දුන්නොත් නෝනා දික්කසාද වෙන බව කිව්වා‘

April 27, 2015

නාවල පීකොක් මන්දිරය උගසට තබා මිලියන 45 ක ණයක් ගෙන ඇතත් එය මූල්‍ය සමාගමට සින්න වීමට නැතැයිද හිටපු ජනපතිට එම මන්දිරය නුදුන්නේ තම බිරියගේ බලපෑම නිසා යැයිද ව්‍යාපාරික ඒ.එස්.පී.ලියනගේ කියයි.

දුරකථනයෙන් අප කළ විමසීමකදී ඔහු මෙසේ කීවේය.

ප්‍රශ්නය – ඔබට අයත් පීකොක් මන්දිරය යම් මූල්‍ය ආයතනයකට උගස් කර තිබේද?

උත්තරය – ඔව්. ලංකාවත් යුරෝපීය රටවලින් ණය ගෙන තියෙනවා. රටේ බහුතරයක් දෙනා වාහනයක් ඉඩමක් ආදී දේපළ මිලට ගැනීම සඳහා ණය ගන්නවා. මමත් මෙරට පුරවැසියෙක්. ඉඩම සින්න වීමට තරමස් එය හේතුවක් වන්නේ නැහැ.

ප්‍රශ්නය – ඔබට විරුද්ධව එම මූල්‍ය ආයතනය නීතිමය පියවර ගෙන ඇති බව ආරංචියි. එය ඇත්තද?

උත්තරය – රුපියල් මිලියන 45 පමණ වටිනා ඉඩමකට ගමේ ගොඩේ අයකුගෙන් නෙමෙයි මම ණය ගෙන තියෙන්නේ. පිළිගත් වැදගත් ආයතනයකින්. වසර පහක් තිස්සේ මම ගනුදෙනු කරනවා. අඩුගානේ මට ලියුම් කඩදාසියක්වත් මේවන තෙක් ලැබිලා නැහැ.

ප්‍රශ්නය – හිටපු ජනපති කියලා තිබුණා ඔහු පීකොක් මන්දිරයට එන්නේ නැහැ කියලා.

උත්තරය – එන්න මම දෙන්න එපායැ. එහෙම අදහසක් තිබුණේ නැතිනම් මොකටද මගේ නිවසේ වෙනස්කම් කළේ. ඒ වගේම නාන තටාකයට මුහුදු වැලි පිරෙව්වේ.

ප්‍රශ්නය – ඔබ ප්‍රේමදාස මහතාගේ රජය සමයේ මාධ්‍යවේදීන්ට කළුගලකට මායිම්ව ඇති ඉඩම් දී පිවිසුම් මගේ කළුගල අනුන්ගේ වියදමින් කඩා ඉවත් කර ගැනීමට උත්සාහ කළ බවට චෝදනාවක් තියෙනවා. ඒ ගැන මොකද කියන්නේ.

උත්තරය –  කළු ගලක් තිබුණ කථාව ඇත්ත. ඒත් අද ඔබ එතනට ගිහින් බලන්න. කැඩුවා නෙමෙයි ඒ.එස්.පී.ලියනගේ වික්කා. ඒ කෙනත් සල්ලි හම්බකරගත්තා. අද එතන ලස්සන නිවාස සංකීර්ණයක්.

ප්‍රශ්නය – ඒ හා සමානව උගසට තබා ඇති ‘පීකොක්‘ මන්දිරයක් හිටපු ජනාධිපති දී ඔබ මූල්‍ය ආයතනයෙන් යම් සහනයක් ලබා ගැනීමට උත්සාහ කළාද?

උත්තරය – පැරැදුණු ජනාධිපති කථා කළොත් ඔය මූල්‍ය ආයතන සහන දෙයිද

ප්‍රශ්නය – පීකොක් මන්දිරය හිටපු ජනපතිට නොදෙන්නැයි ඔබට යම් බලපෑමක් එල්ල වුණාද?

උත්තරය – ඔව්.

ප්‍රශ්නය – ඒ කාගෙන්ද?

උත්තරය – මගේ නෝනගෙන්. එයා කිව්වා පීකොක් මන්දිරය මහින්ද රාජපක්ෂ මහතාට දුන්නොත් මගෙන් දික්කසාද වෙනවා කියලා. මට මගේ බිරිඳ වගේම මගේ දරුවන්ට අම්මා කෙනෙක් ඕනෑ ඒ නිසා ඒ තීරණය වෙනස් කළා.

lankadeepa

Sammy

Previous story Next story

Leave a comment

t

o

p