ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව අල්ලස් හෝ දුෂණ නොමිසම ඉදිරියේ චෝදනා ගොනු කල නොහැකි බව හිටපු අගවිසුරු සරත් එන් ද සිල්වා මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ 1953 අල්ලස් පනත යටතට ජනාධිපති නිලය ඇතුළත්ව නොතිබීම ඊට හේතුව බවයි. ජනාධිපතිට ඇමැතිවරුන් පත් කිරීම සදහා ඇති නෛතික බලය ධූරය පවතිනතාක් අහිමි නොවන බවද ඔහු පෙන්වා දෙයි.
‘ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තියට අනුව ධූරය දරන තාක් කල් ජනාධිපතිවරයෙකු තමා කළ හා නොකළ දෙයක් සම්බන්ධව කිසිම උසාවියකට ඉදිරිපත් කරන්නට බැහැ. එය නිල මට්ටමෙන් හෝ පෞද්ගලික මට්ටමින් වුවත් සිදු කළ නොහැකියි.
ධූරය තුළ ගත කළ කාලය කාලාවරෝධය සම්බන්ධයෙන් ගණන් නොගන්නා බව 2 වැනි අනු ව්‍යවස්ථාවේ තිබෙනවා. සිවිල් නඩුවල තිබෙනවා නඩුවල තිබෙනවා නඩු ඉදිරිපත් කරන්න පුළුවන් කාල සීමාවක්. එයයි කාලාවරෝධය කියන්නේ. ජනාධිපතිවරයා අතින් කාට හරි යම්කිසි අලාභයක් සිදුවුණා කියා නැතිනම් ණයක් හෝ ඉඩම් නඩුවක් තිබෙනවා යැයි සිතමු. ඒ සම්බන්ධව කාලාවරෝධය ගණන් ගන්නේ නැහැ. ජනාධිපති ධූරය අතහැර ගියාට පසුව ඔහුට විරුද්ධව ඒ නඩුව ඉදිරිපත් කරන්න පුළුවනි. සිවිල් නඩු ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම කාටහරි හානියක් කර තිබෙනවානම් දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ අපරාධ නඩුවක් ඉදිරිපත් කරන්න පුළුවන්.
අල්ලස කියන එක වෙනත් දෙයක්. අල්ලස් පනත අදාළ වන්නේ රජයේ සේවකයන්ට සහ මන්ත‍්‍රීවරුන්ට, ඇමැතිවරුන්ට,සංස්ථා නිලධාරීන්ට,අල්ලස් පනත පැනෙව්වේ 1953දී.එතකොට ජනාධිපති කියලා ධූරයක් තිබුණේ නැහැ. හිටියේ රැජින සහ අග‍්‍රාණ්ඩුකාරවරයා.ඔහු අල්ලස් පනතට අදාළ වන්නේ නැහැ. එයා රජයේ සේවකයෙක් නෙවෙයි.
1977 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති රජයේ සේවකයෙක් වශයෙන් ගැනෙන්නේ නැහැ.ඒ කාලේ ජනාධිපති ධූරය අල්ලස් පනතට ඇතුළු කර තිබුණෙත් නැහැ. 1972 දීයි ජනාධිපති ධූරය ආවේ. ඒ කාලෙත් මේක අල්ලස් පනතට ඇතුළත් කර තිබුණේ නැහැ.
ඒ නිසා අල්ලස් වශයෙන් ගැනෙන වැරැදි ජනාධිපතිට කරන්න බැහැ.ඒ කියන්නේ ඔහු රජයේ සේවකයෙක් නෙවෙයි. ඒ වගේම මන්ත‍්‍රීවරයෙකුත් නෙවෙයි. සංස්ථා සේවකයෙකුත් නෙවෙයි. අල්ලස කියන්නෙ විශේෂ අපරාධ. ඒවා සාමාන්‍ය පුද්ගලයන්ට කරන්න බැහැ. පනතට ගැනෙන අයට පමණයි එවැනි අපරාධ කළ හැකි.
අනෙක් කාරණය ජනාධිපතිගේ බලතල අනුව ඔහුට ඇමැතිවරයෙකු පත්කිරීමේ බලය හිමිවෙනවා. එය ධූරය පවතින තාක් තිබෙන බලයක් ජනාධිපතිවරණයක් සදහා නාම යෝජනා කැදවා තිබීම හේතුවෙන් එම බලය අහෝසි වන්නේ නැහැ. ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක ඇමැතිවරු පත් කරන්න පුළුවන්’
– Mawbima
Leave a comment