දින සියයේ පාපැදි සවාරිය……

April 25, 2015

දින සියයෙන් බොහෝ දින ගෙවී අැත.චම්පික රණවක අැමතිතුමාට අනුව නම් වඩා වැදගත් වන්නේ දින සියයට වඩා වැඩ සියය. යූ.අැම්. පී පළාත් සභා මන්ත්‍රීවරුන් කියන්නේ මේ අාණ්ඩුවට බලය අැත්තේ දින සියයට පමණක් බවයි. ඒ ඔවුන්ගේ පාර්ලිමේන්තු සුභ සිහිනය උදෙසාය. අප දන්නා දේශපාලන සංකල්ප වලට අනුව නම් ඒම බලය අාරම්භයේ සිටම ගැටළුවකි. එය සම්මුතියක් මත පදනම් වන හෙයින් එනම් කිසිවිටෙක බලය උරඟා බැලෙන අවස්ථාවක් නොඑළඹෙන හෙයින් එවැනි අවස්ථාවක් එළඹෙන තෙක් අාණ්ඩුව පවතිනු අැත. එසේනම් මේ මොහොතේ ලාංකීය දේශපාලනය තුළ අැත්තේ සම්මුතිවාදයකි. ඒකී සම්මුතිය කුමක් අරභයාද ?…..

මෙම සම්මුතියේම තවත් පැතිකඩක් වේ. එනම් මෙෙපාල ජනාධිපතිවරයාගේ සැබෑ විවේචකයන් ඔහු අභිමුඛව හිද ඔහුගේ පාර්ශවය නියෝජනය කිරීමයි. වත්මන් ජනාධිපති වරයා පිළිබඳ දේශපාලන හා දාර්ශනික විවේචනයක් මහින්ද රාජපක්ෂට හෝ නිමල් සිරිපාල ද සිල්වාට තිබිය නොහැකිය. ඔහුගේ දේශපාලන භාවිතය පිළිබඳ ප්‍රබලතම විවේචනය පැවතිය යුත්තේ අගමැති රනිල් අැමති චම්පික වැන්නවුන්ටය. නමුත් සම්මුතියේ ප්‍රබලත්වය වන්නේ ඔවුන් කිසිවිට එය එළිපිට ප්‍රකාශ නොකිරීමයි. එසේ කිරීමට හැකියාව තවම එළඹී නැත. නමුත් එය නුදුරු අනාගතයේම බලාපොරොත්තු විය හැකිය. ඔවුන් බොහෝ සවිඥානිකව නියලුන දේශපාලන ක්‍රීඩාවක ඉත්තන්විය හැකිය. ඒ සමඟම ප්‍රේක්ෂක ලාංකීය ජනතාවට දේශපාලන වේදිකාව තව තවත් ව්‍යාකූල වනු අැත.

මෙෙත්‍රී මහින්ද චන්ද්‍රිකා කිසි දිනෙක එකට එකතු නොවනු අැතැයි ප්‍රකාශ කරන්නවුන්ට පවා අපට කීමට අැත්තේ, එයට යම් සම්භාවිතාවක් පැවතිය හැකි බවයි. එයට හේතුව පෞද්ගලික තාඩනපීඩන එදිරිවාදකම් මිස ඔවුන්ගේ විභේදනයට වෙනත් දාර්ශනික පදනමක් නොමැති වීමයි. ඔවුහු සමානයෝ වෙති. නමුත් සිදුවිය නොහැක්කේ මේ මොහොතේ සිදු වී අැති දෙයයි. නොවිය හැකි දෙයක්වීමට තරම් සම්මුතිය බලවත්ය.  ඒකී සම්මුතිය කුමක් අරඹයා ද?

පාපැදි සවාරියක ” මුල් රංචුව ” යනු ජයග්‍රහනය උදෙසා බලාපොරොත්තු දල්වා ගත්, වෙන් වෙන්ව පුරුදු පුහුණු වූ , රංචුව ලෙස ගමන් කරන අවස්ථාවේත් නෙයෙක් උපක්‍රම හරහා රංචුවෙන් මිදී ඉදිරියට යාමට උත්සාහ කරන්නන්ගෙන් සුසැඳි ,  නමුත් ඒකී උත්සාහයන් අසාර්ථක වන තැන කෙසේ හෝ රංචුවේම එල්ලී ඉදිරියට යාමට උත්සාහ කරන පිරිසකි. ඔවුන් සියල්ලෝම තරඟයේ අවසන් ජයග්‍රාහකයා වීමේ අරමුණින් ගමන් කරයි. එකිනෙකට වෙනස් දේශපාලන ව්‍යාපෘතීන් එකට එක්ව සම්මුති ගැන්වුණේ , මෙකී ගමනේ “මුල් රංචුව ” පරිද්දෙනි. ඉදිරියේ සිටිනා කෙනෙක් රංචුව විසින් පසුපසට අැඳ දැමිය හැකිය. නමුත් අවසානයේ රංචුෙවෙන් මිදී ඉදිරියට යාමට සියල්ලෝම උත්සාහ කරනු අැත. එවිට රංචුවේ සිටින්නන්ටම අභියෝග කිරීම නියත දහමකි. නැවතත් සම්මුතිය අවසන් වනු අැත. මෙෙත්‍රීගේ සැබෑ විවේචකයන් කරලියට ඒනු අැත.

වෙන් වෙන් වූ මෙකී සම්මුතිය , ඒකිනෙකාගේ දේශපාලන ව්‍යාපෘති එකිනෙකට සමාන්තරව අභිමුඛවූ අවස්ථාවක් විනා අන් යමක් නොවනු අැත. ඒ් ඒ ව්‍යාපෘතීන් ගේ සමරූපීතාවය ගමන් කරන දින තෙක් සම්මුතිය පවතිනු අැ‍ත. එසේ නම් මෙම සම්මුතිය ද ඒකිනෙකට වෙනස් දේශපාලන ව්‍යාපෘතීන් උදෙසාම විනා අන් යමක් උදෙසා නොවනු අැත. ව්‍යාපෘති වෙනස් වුව ද තරඟකරුවන් වෙනස් නොවනු අැත.

politics.lk

Sammy

Previous story Next story

Leave a comment

t

o

p