ස්ත්‍රීන් 13ක් දූෂණය කිරීම හා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වී සිරදඬුවම් විඳින තිදෙනෙකු අහිංසකයින් බව සඳහන් කරමින් ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ද වන වත්මන් උතුරු පළාත් මහඇමති සී.වී විග්නේෂ්වරන් මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි වෙත ලිපියක් යවා තිබේ. ඉන්දියාවේ ට්‍රිචි හි 1994 සිදුව ඇති සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස සිරදඬුවම් ලබා සිටින්නේ ලාංකිකයින් තිදෙනෙකි. මෙම දූෂණ සිද්ධියට සිව්දෙනෙකු සම්බන්ධ වී ඇති අතර එහි ප්‍රධාන චූදිතයා ලෙස හඳුනාගත් බාලෙන්ද්‍රන් නැමැත්තා සිරදඬුවම් විඳිමින් සිටියදී 2011 වසරේදී මියගොස් ඇත. ඉන්දීය අධිකරණයක් හමුවේ දෙවතාවකදීම මොවුන් සිව්දෙනා ජීවිතාන්තය දක්වා සිරදඬුවමට යටත්කර තිබේ. එසේ වුවද මෙම දූෂණ සිද්ධියට ඔවුන්ගේ පැහැදිලි සම්බන්ධ‍යක් නැති බව පෙන්වාදෙන උතුරේ මහඇමතිවරයා මොවුන් අහිංසකයින් බවත්, මේ නිසා ඔවුන් කඩිනමින් නිදහස් කරන ලෙසත්, එම ලිපිය මගින් ඉල්ලා ඇත. උතුරේ මහඇමතිවරයාගේ මෙම ඉල්ලීම ගැන ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විමතිය පළ කර තිබේ. ඉන්දියානු අධිකරණයකින් වැරදිකරුවන් වූවන් අහිංසකයින් ලෙස විග්නේෂ්වරන් මහඇමතිවරයා විසින් හුවාදැක්වීම ගැන ඔවුන් දැඩි විමතිය පළ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙම චෝදනාවට වැරදිකරුවන් වී සිරඳඩුවම් විඳින තිදෙනා අතර සිටින අයෙකුගේ බිරියක් දූෂණයට ලක්ව ගැබ් ගත් ද්‍රවිඩ තරුණියන්ගේ දරු කළල ගබ්සාවට වැරදිකාරිය වී 39 මසක් සිරදඬුවම් විඳ මේවන විට සිරෙන් නිදහස් ව සිටින බව ද එම වාර්තාවල දැක්වෙයි. ස්ත්‍රීන් 13 දෙනෙකු දූෂණය කිරීම හා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ වරදට සිරදඬුවම් ලැබූ සිව්දෙනාගෙන් මේවන විට ඉතිරිව සිටින තිදෙනා ඉන්දියාවේ, නවදිල්ලි හි පුසාල් නැමැති බන්ධනාගාරයේ රඳවා සිටී.

April 25, 2015

හමුදා කඳවුරු ඉවත් කරමින් මේ සූදානම් වන්නේ ප‍්‍රබාකරන්ගේ සිහිනය ඉටු කරන්න නොවේ නම් වෙන කුමකටදැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රශ්ණ කරයි.

ඔහු මෙසේ කියා සිටියේ බෝධි පුජා පන්කමක් සඳහා ගාල්ල ප‍්‍රදේහයේදී එක්වෙමිනි.

එහිදී රාජපක්‍ෂ මහතා මෙසේද කියා සිටියේය.

‘උතුරේ හමුදා කදවුරු ඉවත් කරමින් සාම්පූර් නාවික හමුදා කදවුර ඉවත් කරමින් මේ සූදානම් වෙන්නේ ප‍්‍රභාකරන්ගේ සිහිනය සැබෑවක් කරන්න නොවේ නම් වෙන මොනවටද?

අද අපේ පුත්තු හමුදාවට බැදුණු විදිය ගැන හොයනවා. ඒකට වියදම් කරපු මුදල් ගැන හොයනවා. තමුන්නාන්සේලාට මතක ඇති එක කාලෙක හමුදාවට තරුණයෝ බැදෙන්න ආවේ නෑ. අපිට යුද්ධයක් වෙනුවෙන් සූදානම් වෙන්න නම් හමුදාවේ පිරිස් බලය වැඩි කරන්න අවශ්‍ය වුණා. ඔවුන්ගේ චිත්ත ශක්තිය වැඩි කරන්න අවශ්‍ය වුණා. ඒ ගැන හිතලා තමා මගේ පුතාව නාවික හමුදාවට යැවුවේ.

අපි ඔය මොනම කොමිසමකටවත් බය නැහැ. මොකද අපි ඉන්නේ ජනතා කොමිසමේ. මේ ඉන්න ජනතාවගෙන් අපිට පේනවා ඒ ජනතා කොමිසමෙන් අපි නිදහස් කියලා’

Sammy

Previous story Next story

Leave a comment

t

o

p