ඇමරිකානු ජනාධිපති කවරෙක් වුවත් අපේ වෙනසක් නෑ – පුටින්

April 22, 2015

2016දී පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයේදී කුමන අපේක්‍ෂකයකු ජයග‍්‍රහණය කළද රුසියාව ඇමරිකාව සමග එක්ව කටයුතු කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් පවසා ඇතැයි වාර්තා වේ.

ඔහු පවසා ඇත්තේ රුසියාවේ සහයෝගිතාවය පවතින්නේ පුද්ගලයකු සමග නොව බලවත් ජාත්‍යන්තර ක‍්‍රීඩකයෙකු සමග බවයි.

ඇමරිකාව හා රුසියාවට පොදු අභිලාෂයන් බොහෝ ඇති බවද රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

ජන සංහාරක අවිහරණය, සංවිධානාත්මක අපරාධ හා ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් වැදීම, දරිද්‍රතාවයට විසඳුම් සෙවීම ආදිය ඒ අතර වන බව පුටින්ගේ අදහසයි.

රුසියාව විසින් ඉරානයට S-300 ගුවන් ආරක්‍ෂණ මිසයිල පද්ධති ලබාදීමට ප‍්‍රතිචාරයක් ලෙස යුක්රේනයට මාරක අවි සැපයීමට ඊශ‍්‍රායලය පියවර ගතහොත් එවැනි තීරණයක් ගැනීමට ඊශ‍්‍රායලයට ඉඩ ඇතැයි රුසියානු ජනාධිපතිවරයා පවසා ඇත.

ඔහු පවසා ඇත්තේ එවැනි ක‍්‍රියාමාර්ගයකින් යුක්රේනයේ මියයන ප‍්‍රමාණය වැඩිවනු ඇති නමුත් මිසයිල පද්ධති සැපයීම කිසිසේත් නොනවතිනු ඇති බවයි.

ඊශ‍්‍රායලයේ ඉල්ලීමක් මත යම් මැදපෙරදිග රාජ්‍යයකට S-300 ගුවන් ආරක්‍ෂණ මිසයිල පද්ධති සැපයීම අත්හිටුවීමට මින් පෙර රුසියාව විසින් තීරණය කළ බවද පුටින් හෙළි කර තිබේ.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p