සෝමවංශ පසුපස තවත් 45ක්.. ජවිපෙ උඩුකුරුඤ්ඤං.. විජිත හේරත්ට මඤ්ඤං

April 17, 2015

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා එම පක්‍ෂයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් එම පක්‍ෂ ප‍්‍රචාරක ලේකම්වරයා පරස්පර විරෝදී අදහස් පල කරමින් තිබේ.

ඊයේ රාත‍්‍රියේ හිරු රූපවාහිනියට ඔහු කියා සිටියේ අමරසිංහ මහතාගේ ඉල්ලා අස්වීම දැනුම් දී ඇති බවයි.

එහෙත් දෙරණ රූපවාහිනිය මෙන්ම ජවිපෙ වෙබ් අඩවියේද ඔහුගේ හඬපට සහිතව විකාශය කලේ එම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පක්‍ෂය නොදැනැවත් බවයි.

මේ අතර ජවිපෙ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ සෝමවංශ අමරසිංහ මහතා සමඟ එම පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභිකයන්, මධ්‍යම කාරක සභාකයන් ඇතුළු ඉහල පෙලේ සාමාජිකයන් 45කට අධික පිරිසක් එකතුවීමට නියමිත බවයි.

පවතින තත්වම පිළිබඳ සාකච්ඡා කිරීමට අද දිනයේදී ජවිපෙ දේශපාලන මණ්ඩලය රැස්වීමට නියමිතව ඇති අතර එය තියුණු මුහුණුවරක් ගනු ඇතැයිද පැලවත්ත ජවිපෙ මූලස්ථාන ප‍්‍රාසාදයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කලේය.

cnews

Sammy

Previous story Next story

Leave a comment

t

o

p