අල්ලස්‌ කොමිසමට රාවණා බලයෙන් අලුත් උප්පැන්නක්‌

April 9, 2015

රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්‌ස හිමියන් අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා තාප්පයේ ‘යහ පාලනයේ දඩයම් මන්දිරය’ යන පුවරුව රඳවමින්. ඡායාරූප – ක්‍රිෂාන් කාරියවසම් 

සිරිමන්ත රත්නසේකර

අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව “යහපාලනයේ දඩයම් මන්දිරය” ලෙස තම සංවිධානය විසින් නම් කරන බව රාවණා බලය සංවිධානය ඊයේ (8 දා) සඳහන් කළේය.

රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්‌ස හිමියෝ එම කොමිෂන් සභාවේ ප්‍රධාන නාම පුවරුවට පහතින් “යහ පාලනයේ දඩයම් මන්දිරය” යනුවෙන් සඳහන් පුවරුවක්‌ රැඳවූහ.

මෙම කොමිෂන් සභාව වර්තමානයේ කටයුතු කරනුයේ ආණ්‌ඩුව කරවන දේශපාලනඥයන්ට ප්‍රතිවිරුද්ධ දේශපාලන මත දරන අය මර්දනය කිරීමටයි. ඒ නිසා පැවැති නාමය වෙනුවට මෙම නව නාමය යෙදුවා යෑයි පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්‌ස හිමියෝ ‘දිවයින’ ට පැවසූහ.

රජයේ මැති ඇමැතිවරුන්ට, අල්ලස්‌ කොමිෂමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරියට දූෂණ පැමිණිලි තිබියදී ඒවා විමර්ශනය නොකර අනුන්ට හොරු හොරු කීම තුළ එම මිනිසුන් පමණක්‌ නොව රටේ ජනතාව ද අපහසුතාවට පත්ව තිබෙනවා යෑයිද උන්වහන්සේ කියා සිටියහ.

අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය වන ඩිල්රුක්‍ෂි ඩයස්‌ වික්‍රමසිංහ මහත්මියට ඉල්ලා අස්‌වන ලෙස දන්වමින් ලිපියක්‌ භාරදීමට එම කොමිෂම වෙත රාවණා බලය සංවිධානයේ භික්‍ෂූන්වහන්සේලා එහි වැඩම කළ අවස්‌ථාවේ යහපාලනයේ දඩයම් මන්දිරය” ලෙස සඳහන් පුවරුවක්‌ අල්ලස්‌ කොමිෂමේ නාම පුවරුවට යටින් සවි කළහ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p