නිවුණු පහන් සිල හෙට සමරයි..

April 6, 2015

අධිනීතීඥ එස්.එල් ගුණසේකර තෙමස් පූර්ණ ගුණ සමරුව සහ විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර සේවා ඇගයීමක් හෙට දිනයේ පැවැත්වෙයි.

ඒ සම්බන්දයෙන් එහි සංවිධාන කටයුතු කරන ජාතික සංවිධාන එකමුතුව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

බෙදුම්වාදී ව්‍යාපාරය පරාජය කිරීම සදහා රණවිරුවන් සහ උතුරු නැගෙනහිර පළාත් වල සිංහල ජනතාව දිරිමත් කිරීම සදහා අසීමිත කැපවීමක් සහ නොසිදෙන ධෛර්යකින් තම යුතුකම් කොටස ඉටු කළ දේශමාමක විද්වතුන් අතරින් එස්.එල් ගුණසේකර මහතා සහ විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මැතිණිය රටේ පොදු ජනතාවගේ ඉහළම ගෞරවයට පාත‍්‍ර වූ ඔබට නැවත මතක් කළ යුතු යයි අප කල්පනා නොකරමු.

අපේ‍්‍රල් මස 07 වන දිනට එස්.එල් ගුණසේකර මහතා අභාවප‍්‍රාප්ත වී තෙමසක් සම්පූර්ණ වේ. ඒ නිමිත්තෙන් එතුමාගේ ගුණ අනුස්මරණය  කොට ආගමික වතාවත් ඉටු කිරිමේ උත්සවයක් 2015 අපේ‍්‍රල් මස 07 වන දා කොළඹ ටොරින්ටන් පෙදෙසේ පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී සවස 3:00ට ජාතික සංවිධාන එකමුතුවේ නියමුවන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ. මෙම උත්සව අවස්ථාවේ ප‍්‍රධාන දෙසුම නීතීඥ මනෝහරන් ද සිල්වා මහතාවිසින් සිදුකිරීමට නියමිතය.

මෙයට,
ආචාර්ය ගුණදාස අමරසේකර,
කැදවුම්කරු,
ජාතික සංවිධාන එකමුතුව.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p