මං තීරු නීතිය හෙට සිට අකුරට..

April 5, 2015

රථ වාහන ධාවනයේදී රියදුරන් මංතීරු හරහා වාහන ධාවනය කිරීම හා නියමිත මං තීරුවේ ධාවනය නොකිරීම නවත්වාලමින් හෙට පෙ.ව. 7.30 සිට 10දා දක්වා සවස මාර්ග කිහිපයක කොළඹ ආසන්න මාර්ග කිහිපයක මංතිරු නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් රථවාහන අංශය තිරණය කර තිබේ.

පොලීසිය පවසන්නේ අදාල මංතීරුවේ වාහන ගමන් කීරීම අත්‍යවශ්‍ය හා නොසැලකිලිමත් ආකාරයෙන් ධාවනය සම්පූර්ණයෙන් තහනම් බවත්ය.

කෙසේ වෙතත් 10දා දක්වා සිදුකරන මෙම අත්හදා බැලීසෙන් පසු එම නීතිය දිගටම බලාත්මක කරන බවද පවසන පොලීසිය මෙහි අරමුණ වාහන තදබදය හා  රථ වාහන අනතුරු අවම කිරීම බවද කියයි.

  • අත්හදා බැලීම් ක‍්‍රියාත්මක වන්නේ මෙම මාර්ගවලයි…
  • මොරටුව සිට ගාලූ පාරේ ගාලූ මුවදොර එන්.එස්.ඒ. වටරවුම දක්වා
  • කොල්ලූපිටියේ සිට බම්බලපිටිය දක්වා ඩුප්ලිකේෂන් පාර (ආර්. ඒ. ද මෙල් මාවත)
  • බොරැල්ල සේනානායක හන්දිය සිට ශි‍්‍ර ජයවර්ධනපුර පාරේ පොල්දූව දක්වා
  • පෑලියගොඩ සිට නුවර පාරේ කිරිබත්ගොඩ දක්වා
  • පෑලියගොඩ සිට මීගමුව පාරේ වත්තල දක්වා

Sammy

Previous story Next story

Leave a comment

t

o

p