මෝදිගේ පරිවාර ඇමැති කිරිඇල්ල

March 10, 2015

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී පරිවාරඇමැතිවරයාලෙස කටයුතු කිරීමට සභානායක හා වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රජය විසින් පත් කර තිබේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී මහා බෝධිය වන්දනා මාන කිරීමෙන් අනතුරුව සිදුකෙරෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීම, ඉන්දියානු ණය ආධාර මත ඉදිකෙරෙන තලෙයිමන්නාරම මැදවච්චිය දුම්රිය මාර්ගය විවෘත කිරීම, සංස්කෘතික ණය ආධාර මත යාපනයේ ඉදිකෙරෙනු නිවාස ජනතා අයිතියට පත්කිරීම, යාපනය දිස්ත්‍රික්කයේ සහ නැඟෙනහිර පළාත තුළ කෙරෙන සංචාරය සහ තවත් වැදගත් සහ විශේෂ අවස්ථාවන් කිහිපයක් සඳහාම ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පරිවාර ඇමැතිවරයා ලෙස කටයුතු කිරීමට නියමිතය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p