මාධ්‍ය සංවිධාන කුමාර් ගුණරත්නම් වෙනුවෙන් පෙනීසිටියි

February 17, 2015

පෙරටුගාමී සමාජවාදී පක්ශයේ කුමාර ගුණරත්නම් මහතාට ලංකාව තුළ රෑදී සිටීමට හා දේශපාලනය කිරීමට අයිතියක් ඈති බව මාධ්‍ය සංවිධාන පවසයි.
අද 17 දින පෑවති මාධ්‍ය හමුවක් අමතමින් මාධ්‍ය සංවිධාන කියා සිටියේ වර්තමාන රජය විසින් විවිධ දේශපාලණ බලපෑම් නිසා විදේශගත වු සියලු දෙනාට නෑවත එන ලෙස ආරාධනා කල බවත් මාධ්‍ය සංවිධාන ලෙස ඒ ආරාධනාව කරන බවද පෑවසීය.කුමාර් ගුනරත්නම් මහතා මේ රටේ පුරවෑසියෙක් බවත් ඔහුට දේශපාලනය කිරීමටත් ලංකාව තුළ රෑදී සිටීමටත් ඈති අයිතිය ලබා දෙන ලෙස මාධ්‍ය සංවිධාන පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය නියෝජනය කරමින් චන්දන සිරිමල්වත්ත,නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නියෝජනය කරමින් සුනිල් ජයසේකර, වෘර්තීය ජනමාධ්‍යවෙදීන්ගේ සංගමය නියෝජනය කරමින් හියුබට් කුමාර අලගියවන්න,මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය නියෝජනය කරමින් රංජිත් ගමගේ යන අය මේ සදහා සහභාගී විය.

 

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නියෝජනය කරමින් සුනිල් ජයසේකර මහතා අදහස් දක්වමින් කියා සිටියේ පහුගිය කාලය පුරාම දේශපාලන හේතු නිසා මාධ්‍යවේදීන් හා දේශපාලන ක්‍රියාකාරිකයන් විශාල පිරිසක් විදේශගත වුනා.ඒ ජීවිතය ආරක්ශා කර ගෑනීම සදහා. අපි පහුගිය කාලය පුරාම අරගල කලා මේ විදෙස් ගත පිරිස් නෑවත අප රට ගෙන්වා ගන්න සහ නිදහසේ තමන් කෑමති දේශපාලණ මත දරමින් කටයුතු කරන්න.වර්තමානයේ බිහි වු නව රජය නෑවත මේ පිරිස් වලට මව් රටට පෑමිනෙන ලෙස ආරාධනා කරලා තියනවා.

මේ රටේ ඉපදුන මේ රටේ අධයාපනය ලබා දේශපාලනය කරපු කුමාර ගුණරත්නම් මහතාට අද වෙනකොට මුන දෙන්න වෙලා තියන තත්වය සම්බන්ධයෙන් අපට බරපතල ගෑටලුවක් තියනවා.මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් විදිහට මේ පිළිබදව අපේ අවධානය යොමු නොකර සිටීමේ හෑකියාවක් නෑ.

කුමාර ගුණරත්නම් මහතාට දේශපාලය කිරීමට ඈති අයිතිය තවුරු කිරීම මගින් විදේශගතව සිටින අනික් දේශපාලන ක්‍රියාකාරීන්ටද නෑවත මව් රටට පෑමිනීමට ඉඩ ලෑබෙනවා. එසේ නොකර අනෙක් විදේශගත්ව සිටින පිරිසට පෑමිනෙන ලෙසට ආරාධනා කිරීම නිශ්පල කටයුත්තක් බව ඒ මහතා පවසයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p