ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් තරගය අද ඇරඹෙයි

August 29, 2024

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29 ) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට ක්‍රිකට් ලොව රන් දෙවොල වශයෙන් සැලකෙන ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ පළමු තරගයේ ජයග්‍රහණය එංගලන්ත කණ්ඩායම කඩුලු 5කින් හිමි කරගැනීමට සමත් වූ අතර මෙම තරගය පරාජය නොවී සිටීම තරගාවලි පරාජයෙන් ගැලවීම සඳහා අනිවාර්ය වනු ඇත.

එමෙන්ම 2014 වසරේ සිට එංගලන්තයට එරෙහිව එකදු ටෙස්ට් තරගයක් හෝ ජයග්‍රහණය නොකළ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහණය අතිශයින්ම වැදගත් වනු ඇත.

මෙම තරගය පැවැත්වෙන දින 5 පුරාවටම වර්ෂාවක් ඇතිවීම සඳහා ඉතා සුළු ඉඩක් පවතින බවටත්, දින 5 පුරාම හොඳ හිරු එළියක් පතිත වනු ඇති බවටත් කාලගුණ අනාවැකි පළ වී ඇත.

t

o

p