නීති විරෝධී දුම්වැටි තොගයක් සමග මගියෙකු කටුනායකදී අත්අඩංගුවට

August 28, 2024

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යාමට තැත් කළ ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින්.

සැකකරු සන්තකයේ තිබී සොයාගත් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් විසි දෙලක්ෂ 20,000ක් පමණ වෙයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායිහි ටැක්සි රථ රියැදුරෙකු ලෙස සේවය කළ අනුරාධපුර, මඩාටුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

t

o

p