එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට

August 9, 2024

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබේ.

එම ශ්‍රේණිගත කිරීම්වලට අනුව මෙතෙක් 7 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම 6 වැනි ස්ථානයට පැමිණ ඇත.

පසුගියදා ඉන්දියාව සමඟ පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2ට 0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමත් සමඟ මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණ තිබේ.

t

o

p