පළාත් ආණ්ඩුකාරවරුන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

July 13, 2024

පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු අධීක්ෂණයට හිටපු පළාත් පාලන නියෝජිතයින්ට දුන් පත්වීම් අවලංගු කළ කරන්නැයි දුන් උපදෙස් පළාත් සභා තුනක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ, ඒ අනුව එලෙස ප්‍රතිචාර දක්වා නොමැති බස්නාහිර , මධ්‍යම හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරුන්ට ඒ සම්බන්ධයෙන් යළි සිහි කැඳවිම් කර ලිපි යොමු කළ බවයි.

ඔවුන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳ නීති උපදෙස් ලබා ගන්නා බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ ය.

පළාත් පාලන මැතිවරණය කල් දමා ඇතත් පළාත් පාලන මැතිවරණ නීතිය මේ වනවිට බලාත්මක බැවින් එම පත්වීම් නීති විරෝධි බව තමන් යළිත් පෙන්වා දුන් බවද ඔහු ප්‍රකාශ කළේ ය.

t

o

p