කුමාර් ගුණරත්නම් සහෝදරයාට ලංකාවේ දේශපාලනය කිරීමට ඇති අයිතිය වෙනුවෙන් විදෙස්ගත ලාංකිකයන් පෙලගැසේ

February 3, 2015

මර්දනය නිසා විදේශගතවීමට සිදුවූ සියලු දෙනාගේ අයිතීන් සුරක්ෂිත කරන ලෙසත් කුමාර් ගුණරත්නම්ගේ දේශපාලනය කිරීමේ අයිතිය උදුරා නොගන්නා ලෙස පවසමින් ස්විට්සර්ලන්තයේ වෙසෙන ලාංකිකයන් අත්සන් කරන ලද ලිපියක් පෙබරවාරි 2වැනිදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට භාර දෙන ලදී. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත යොමු කෙරුණු එම ලිපිය ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙනුවෙන් භාර ගත්තේ තානාපති කාර්යාලයේ දෙවන ලේකම් චතුර පෙරේරා මහතාය. මෙම කරුණට අදාලව පෙබරවාරි 6 ප්‍රන්සයේ පැරිස් නුවරත්, පෙබරවාරි 7 ඉතාලියේ මිලානෝ සහ එක්සත් රාජධානියේ ලන්ඩන් නගර වලත් උද්ගෝෂණ පැවැත්වීමට නියමිතය.

photo

Sammy

Previous story Next story

Leave a comment

t

o

p