හෙට දිනයේ පාසල් සම්බන්ධයෙන් ගත් තීරණය

June 5, 2024

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් හෙට (06) දිනයේ ද අධ්‍යාපන කලාප දෙකකට අයත් කොට්ඨාසවල රජයේ පාසල්වලට විශේෂ නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් සබරගමුව පළාත් සභාවේ අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ රත්නපුර අධ්‍යාපන කලාපය සහ නිවිතිගල අධ්‍යාපන කලාපයේ කොට්ඨාස කිහිපයක පාසල් වසා දැමීමට තීරණය කළ බවයි.

රත්නපුර අධ්‍යාපන කාලය – රත්නපුර, කුරුවිට හා ඇහැළියගොඩ කොට්ඨාසවලට අයත් සියලුම පාසල්

නිවිතිගල අධ්‍යාපන කලාපය – ඇලපත හා අයගම කොට්ඨාසවලට අයත් සියලුම පාසල්

මේ අතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් හෙට (06) සිට යළි විවෘත කරන බව පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසයි.

එසේම තවදුරටත් ගංවතුර බලපෑම එල්ලවී ඇති පාසල් සහ අවතැන් මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට පවරා ඇති බව පළාත් අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.

t

o

p