දුම්වැටි තොගයක් ජාවරම් කිරිම සඳහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට

June 5, 2024

පොලිස්පති තුමාගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා සිදු කරනු ලබන වැඩසටහනට සමගාමීව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි විශේෂ මෙහෙයුම් ඒකකය ii හි උප පොලිස් පරීක්ෂක ඩි.එම්.එස්. හේමාල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.06.04 වන දින වැල්ලම්පිටිය පොලිස් වසමේ අංක 108/B.IDH පාර, කොලොන්නාව යන ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී තීරුබදු රහිතව හා රූපමය අවවාද නොමැතිව නීතිවිරෝධිව මෙරටට ගෙන්වනලද ලක්ෂ පහකට ආසන්න වටිනාකමකින් MANCHESTER වර්ගයේ දුම්වැටි 6,000 ක් ජාවරම් කිරිම සඳහා සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 46 ක් වන කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත

t

o

p