කලටුවාවේ ප්‍රධාන නලයක් ගැලවී යයි – ප්‍රදේශ රැසකට ජල සැපයුමට බාධා

June 4, 2024

අයහපත් කාලගුණික තත්ත්වය සමග කලටුවාව ජාල පවිත්‍රාගාරයේ සිට ක්‍රියාත්මක වන ප්‍රධාන ජල නල සැපයුම් මාර්ගයක කොටසක් ගැලවී ගොස් තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ගලගෙදර, පාදුක්ක, ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත මත්තෙගොඩ, මහරගම, බොරලැස්ගමුව සහ පැපිලියාන ප්‍රදේශවලට මෙලෙස අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙනු ඇති බවයි.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ආරක්ෂක අංශ සහ අනෙකුත් පාර්ශ්වවල සහායෙන් බිඳ වැටී ඇති ප්‍රධාන ජල නළය කඩිනමින් යථාතත්ත්වයට පත්කිරීමට සමග මේ වනවිටත් පියවර ගෙන ඇති බවයි.

එසේම මේ මොහොතේ අනවශ්‍ය ලෙස ජලය රැස්කර තබානොගෙන ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

t

o

p