රුසියාව සෙල්ලම් කරන්නේ ගින්දර එක්කයි

January 31, 2015

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුරෝපය තුළ ගින්දර සමග සෙල්ලම් කරන බව ඇමරිකානු විදේශ ප‍්‍රතිපත්ති පිළිබඳ විශේඥෂයකු වන ස්බිග්නියෙව් බ්‍රෙෂින්ස්කි පවසා ඇතැයි වාර්තා වේ.

හිටපු ඇමරිකානු ජනාධිපති ජිමී කාටර්ගේ රජයේ ජාතික ආරක්‍ෂක උපදේශකයාවූ බ්‍රෙෂින්ස්කි සෙනෙට් මණ්ඩල සන්නද්ධ සේවා කමිටුව අමතමින් පවසා ඇත්තේ රුසියානු ජනාධිපතිවරයා බෝල්ටික් රාජ්‍යයන් අත්පත් කරගැනීම සඳහා ක්‍ෂණික ප‍්‍රහාරයක් දියත් කිරීමේ අවදානමක් ඇති බවයි.

බෝල්ටික් මුහුදට නැගෙනහිරින් පිහිටි ලිතුවේනියාව, ලැට්වියාව හා එස්ටෝනියාව යන උතුරු යුරෝපීය රාජ්‍යයන් ත‍්‍රිත්වය බෝල්ටික් රටවල් ලෙස හැඳින්වේ.

බ්‍රෙෂින්ස්කි රුසියාව හා එහි නායකයන් සමග එදිරිවාදී බව දක්වන්නෙක් ලෙස සැලකේ.  රිගා සහ ටලිනින් අත්පත් කරගත පසුව එය කෙතරම් කුරිරුද හා අසාධාරණද යන්න සාකච්ඡ කළ හැකි වුවත් එය ආපසු හැරවිය නොහැකි වනු ඇති බව ඔහුගේ අදහසයි.

මේ අතර පෝලන්ත ඇමරිකානු භූ උපායමාර්ග විශේෂඥවරයකු වන ස්බිග්නියෙව් බ්‍රෙෂින්ස්කි අවධාරණය කර ඇත්තේ මෙම තත්වයට මුහුණදීම සඳහා වහාම ඇමරිකාව සහ එහි මිතුරන් විසින් බෝල්ටික් රාජ්‍යයන් තුළ හමුදාවන් ස්ථාපිත කළ යුතු බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p