ගුවන් හමුදාපතිගේ නම අමෙරිකා සරසවියක ආදි සිසු ගෞරව නාමාවලියට

April 23, 2024

ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා, අමෙරිකා එක්සත් ජනපද ඇලබාමා ජාත්‍යන්තර ගුවන් විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය ගෞරව නාමාවලියට එක්කර තිබේ.

අමෙරිකා එක්සත් ජනපදයේ, ඇලබාමා ප්‍රාන්තයේ, මැක්ෂ්වෙල් ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කර ඇති ජාත්‍යන්තර ගුවන් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර ගෞරව නාමලේඛනය (International Honour Roll) සඳහා එම විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ නිලධාරීන්ගේ නම් ඇතුළත් කිරී‌‌මේ උත්සවය එම කඳවුරේ දී පවත්වා ඇත.

ජාත්‍ය‌න්තර ආදි සිසුන් 21ක් ගෞරවනීය නාම ලේඛනයට (International Honour Roll) ඇතුළත් කිරීමට සුදුසුකම් ලද අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ද එම ගෞරව නාමලේඛනයට ඇතුළත් වීම විශේෂ කරුණක් බව ගුවන් හමුදාව පවසයි.

ජාත්‍යන්තර ගුවන් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර ගෞරව නාමලේඛනයට (International Honour Roll) නම ඇතුළත් කිරීම සිදුවනුයේ එම විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරා ඉහළම හමුදා හෝ ප්‍රමුඛ සිවිල් තනතුරුවල සේවය කරන විදේශීය නිලධාරීන් හා ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන්ට බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කරයි.

t

o

p