සිංගප්පූරු පොලිසියට ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීම අරඹයි

April 17, 2024

සිංගප්පූරු පොලිසියේ සහායක පුරප්පාඩු 200ක් සඳහා ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීමට තීරණය වී තිබේ. මෙම පුරප්පාඩු සඳහා ‘පැමිණ සහභාගි විය හැකි’ ආකාරයේ සම්මුඛ පරීක්ෂණ ඊයේ (16) ආරම්භ කළ අතර එම සම්මුඛ පරීක්ෂණ අද (17) දිනයේ ද නාවල පිහිටි ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිතායතන කාර්යාලයේදී පැවැත්වේ.

https://forms.gle/8DzuH5LUooxg4czE6 ඔස්සේ මාර්ගගතව ලබාගත හැකි අයදුම්පත් රැගෙන පැමිණෙන ලෙසත් සම්මුඛ පරීක්ෂණය සඳහා උසස් පෙළ හෝ IELTS සහතිකය සමඟ විදේශ ගමන් බලපත්‍රය රැගෙන එන ලෙසත් අයදුම්කරුවන්ගෙන් ඉල්ලීමක් කරයි.

IELTS පරීක්ෂණයෙන් 4.5ක ප්‍රතිශතයක් ලබා තිබිය යුතු වන අතර අයදුම්කරුවන් අවුරුදු 25ත් – 35ත් අතර වයසේ පසුවිය යුතුය. අපරාධ සඳහා සම්බන්ධවූවකු නොවිය යුතු වන අතර අයදුම්කරුවන් සිරුරේ ටැටූ ඇඳ තිබීම හෝ හිසකෙස් වර්ණ කිරීමකින් තොර විය යුතු වේ. ඊට අමතරව වෛද්‍ය පරීක්ෂණයකින් ද සමත් විය යුතුය. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා 0112 – 800407 ඔස්සේ ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිතායතන ක්ෂණික ඇමතුම් අංකය ඇමතිය හැකිය.

t

o

p