කෙහෙල්බැද්දර පද්මේගේ ගෝලයෙක් අවියක් සමග පොලිස් අත්අඩංගුවට

April 16, 2024

බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කර ගනිමින් අඛන්ඩව ක්‍රියාත්මක වන පාතාලය මැඩලීමේ යුක්ති මෙහෙයුම් හමුවේ පාතාල අපරාධකරුවකු වන කෙහෙල්බැද්දර පද්මේ යන අයගේ ගෝලයෙකු හෙරොයින් 51g 35g ක්, විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර අවියක් සහ උණ්ඩ කිහිපයක් සමග පෑලියගොඩ විශේෂ පාතාල අපරාධ මැඩලීමේ ඒකකය විසින් (16) වන අද දින මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පාතාල අපරාධකරුවකු වන කෙහෙල්බැද්දර පද්මේ යන අයගේ ගෝලයෙකු වන දැනට ඩුබායි සැගව සිටින අවිශ්ක මදුසංක නොහොත් කිරි කොල්ලා නැමැති සැකකරුගේ අපරාධ සහායෙකු වන නේරංජ ලක්මාල් මුණසිංහ (අවු.44) නැමැත්තෙකු වන අතර මොහු මීගමුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රැදීසිටි ඉෂාරා සෙව්වන්දි වීරසිංහ (අවු. 25) නැමැත්තිය කටුවැල්ලේගම, මීගමුව ප්‍රදේශයේ පදිංචිකාරියක්ද හෙරොයින් 08g 215 mg ක් සමගින් අත්අඩංගුවට ගෙන ඇත

t

o

p