2011 වසරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මේ මස අවසන් වන විට ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබේ.
ඒ සඳහා ඉරාන ණය ආධාරයක් මගින් මූල්‍ය ප්‍රතිපාදන සැපයීමට ඇස්තමේන්තුගත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 513ක් වන අතර මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වාරිමාර්ග, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් ලබාදී ඇති බව සඳහන්.
ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120 ක දායකත්වයක් ලබා දෙමින් පුහුල්පොළ සහ ඩයබර ජලාශවල ගබඩා කර ඇති ජලය, ජල විදුලිය උත්පාදනය කිරීමට යොදාගෙන ඇති අතර කිලෝමීටර් 23ක උමං මාර්ගයක් හරහා ජලය ගෙන යමින් භූගත ටර්බයින දෙකක් වෙත ළගා වන ලෙස මෙය සකස්කර තිබේ.
මෙම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මගින් කුඹුරු අක්කර 20,000කට පමණ ජලය සැපයීමට නියමිත අතර මෙම වාරි යෝජනා ක්‍රමය යල සහ මහ කන්නයට අවශ්‍ය වසර පුරා කෘෂිකාර්මික කටයුතු සඳහා සහාය වනු ඇති.
එමෙන්ම බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල පවතින පානීය ජල හිඟයටද මෙම උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මඟින් විසඳුම් ලබාදීමට පියවර ගෙන ඇති බවද සඳහන් වෙයි.