හෙට දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

March 30, 2024

පාස්කු ඉරිදා (31) දිනයේදී දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව ඊයේ (29) සිට හෙට (31) දක්වා විශේෂිත ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වෙයි.

මේ සඳහා පොලිස් නිලධාරින්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ බුද්ධි නිලධාරීන් යොදා ගනු ලබන බව සඳහන් වෙයි.

එමෙන්ම ත්‍රිවධ හමුදා නිලධාරින්ගේද සහාය ලබා ගැනීමට නියමිත බවයි පොලීසිය සඳහන් කරයි.

t

o

p