මහ සිකුරාදා අදයි

March 29, 2024

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය අදට (මාර්තු 29) යෙදී තිබේ.

ලොව පුරා කිතුනු බැතිමත්හු දුක්ප්‍රාප්ති දේව මෙහෙයන්වලට එක් වෙමින් කිතු සමිඳාණන් මිනිසා පවින් මුදාගැනීම වෙනුවෙන් සිය දිවිපිදීම සමරති.

කිතුනුවෝ අළු බදාදායින් ඇරඹුණු දින 40ක් පුරා නිරාහාර ශීලය, දාන මාන, කිතු සමිඳාණන්ගේ කුරුස ගමන සිහිපත් කරන පාද නමස්කාරය යෙදීම ආදී ආගමික වත්පිළිවෙත්වල නිරත වනු ලබති.

t

o

p