මැදින් පෝදා සිරිපා කරුණා කරන්න විශාල පිරිසක්

March 25, 2024

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට මැදින් පොහෝ දින ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට හැටන් සහ රත්නපුර මාර්ග ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවසීය.

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වැඩි පිරිසක් හැටන් මාර්ගය ඔස්සේ පැමිණි බවත්, එසේ පැමිණි වැඩි වන්දනාකරුවන් පිරිසක් දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණ සිටියහ. දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් නල්ලතන්නිය දක්වා ප්‍රවාහනය කිරීමට හැටන් ලංගම ඩිපෝවෙන් බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබුණි.

ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කර මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ රත්නපුර සහ හැටන් මාර්ගය ඔස්සේ ද විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවසූහ.

හැටන් – රංජිත් රාජපක්ෂ

t

o

p