පවතින වියලි කාලගුණික තත්ත්වය හමුවේ කැලෑගිණි ගැනීම් ඉහළට

March 20, 2024

පවතින වියලි කාලගුණික තත්ත්වය හමුවේ ඊයේ දින (19) වන විට කැලෑගිණි ගැනීම් 50 ක් පමණ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරියට වාර්තා වී ඇත. මෙම සිදුවීම් පරීක්ෂා කිරීමේ දී බොහෝ ගිණිගැනීම් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇති වූ ඒවා බව නිරීක්ෂණය වන අතර හේන් ගොවිතැන් සඳහා බිම් සකස් කිරීම, සත්ව පාලනය සඳහා වියලි තණ බිම් ගිණිතැබීම, සතුන් දඩයම් කිරීම සදහා කැලෑ ප්‍රදේශ ගිණිතැබීම, වන්නාන්තර නැරඹීමට පැමිණෙන පිරිස් විසින් සිදුකරනු ලබන ගිනි තැබීම්, දුම් වැටි වියලි ප්‍රදේශවලට විසි කර දැමීම මෙන්ම මාර්ග දෙපස පවිත්‍ර කිරීම සදහා සිදු කරනු ලබන ගිණි තැබීම් හෝ මිනිසුන් හිතාමතාම සිදු කරනු ලබන ගිණි තැබීම් නිසා මෙම ගිනි ඇති වී තිබෙන බව හදුනාගෙන ඇත. එසේම පවතින වියලි කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනාවැකි ඉදිරිපත් කර ඇති බැවින් මෙම තත්වය තවදුරටත් වර්ධනය වීම පාලනය කළ යුතුව ඇත.

කැලෑ ගිණි හේතුවෙන් සිදු වන පාරිසරික බලපෑම ද ඉතා විශාල වේ. එබැවින් වනාන්තර ගිනි තැබීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර වනාන්තර ගිණි තබන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකරදීමට කටයුතු කරන මෙන් මහජනතාවගෙන් දැනුවත් කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් විසින් මාධ්‍ය නිවේදනයක් ‌ යොමු කර ඇත. 

t

o

p