ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ඉල්ලීමක්

March 18, 2024

රටපුරා පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග ජල පරිභෝජනය සියයට 10 ත් 15 ත් අතර අගයකින් ඉහළ ගොස් ඇතැයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (සංවර්ධන) අනෝජා කළුආරච්චි මහත්මිය පැවසුවාය.

ජල පරිභෝජනය ඉහළ යාම හේතුවෙන් උස් ප්‍රදේශවලට දිවා කාළයේදී ජල සැපයුම අඩාල වීම හෝ නොලැබී යාම සිදුවිය හැකි බවත් ඇය සඳහන් කළාය.

ජලය නොැලබීයාම හා අඩුපීඩන තත්ත්වයක් යටතේ ජලය ලැබීම් වලට අදාළව ලැබෙන පැමිණිලි සියයට 30 කින් පමණ ඉහළ ගොස් ඇති බවත් කළුආරච්චි මහත්මිය පැවසුවාය.

කෙසේවෙතත් මේ වනවිට උපරීම ධාරිතාවයකින් ජලය බෙදාහැරීමට පියවර ගෙන ඇති බවත් අය කීවාය.

මේ හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා ජලය පාවිච්චි කිරීමෙන් වැළකී අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් කළුආරච්චි මහත්මිය සඳහන් කළාය.

t

o

p