විපක්ෂයේ දේශපාලන පක්ෂවලට IMF නියෝජිතයින් සමඟ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සිදු කළ ආරාධනය දෙමළ ජාතික සන්ධාන විසින් පිළිගෙන තිබේ.
ඒ අනුව අදාළ සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහභාගී වීමට නියමිත බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක එස්. ශ්‍රීධරන් සඳහන් කරයි.