ශ්‍රී පාදයෙන් ප්ලාස්ටික් වතුර බෝතල් ටොන් 03ක් එක්රැස් කරයි

March 9, 2024

ශ්‍රී පාද උඩ මළුව දක්වා මාර්ගයේ වන්දනාකරුවන් බැහැර කර තිබු ප්ලාස්ටික් වතුර බෝතල් ටොන් 03ක් පමණ එක්රැස් කර තිබේ.

ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කර මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ නල්ලතන්නිය සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා මාර්ගයේ මෙම ප්ලාස්ටික් වතුර බෝතල් එකතු කළ බව මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ ලේකම් එස්.රාජවීරන් මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ වන්දනාකරුවන් රැගෙන යන ප්ලාස්ටික් වතුර බෝතල් බැහැර කිරීමට කසල බඳුන් සවිකර තිබුණ ද ඇතැම් වන්දනාකරුවන් සිය කැළි කසල පරිසරයට මුදාහරින බවය.

මෙම එකතු කළ ප්ලාස්ටික් වතුර බෝතල් නල්ලතන්නියේ කැළි කසල ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන විත් ඒවා පෞද්ගලික අංශය වෙත අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවද ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

t

o

p