තරුණ සංසද නායකත්ව සමුළුව මාර්තු 4 සිට 7 වැනිදා දක්වා

March 2, 2024

තරුණ පිරිස් උද්යෝගයෙන් බලා සිටි මෙම තරුණ සංසද නායකත්ව සමුළුව සඳහා විවිධ පසුබිම්වල තරුණ නායකයින් 100 කට අධික සංඛ්‍යාවක් කැඳවීමට කටයුතු සූදානම් කර තිබේ. එක්සත් ජනපද තානාපති කාර්යාලය සත්කාරකත්වය සපයනු ලබන මෙම සමුළුව, ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, මාලදිවයින සහ නේපාලය ඇතුළු දකුණු ආසියානු කලාපය පුරා සිටින නියෝජිතයින් සමඟින්, කොළඹ, මහනුවර, යාපනය, මාතර සහ මඩකලපුව යන ප්‍රදේශවල පිහිටි ඇමරිකානු පියැසිවල නියෝජිතයින් සහභාගී වන, තරුණ සහභාගීත්වය සහ නායකත්ව සංවර්ධනය සඳහා වේදිකාවක් වේ.

ප්‍රජා සේවයේ වැදගත්කම අවධාරණය කරමින්, අධ්‍යාපන ආයතනවල ප්‍රමිති ඉහළ නැංවීම අරමුණු කරගත් සුවිශේෂී ව්‍යාපෘතියක් මෙවර සමුළුවට ඇතුළත් වේ. සමුළුවට සහභාගිවන්නන් කොළඹ අඩු වරප්‍රසාද සහිත පාසලක පුස්තකාලයක්, විද්‍යාගාරයක් සහ එළවලු වත්තක් වැඩිදියුණු කිරීම සඳහා සාමුහිකව කටයුතු කරමින් ප්‍රාදේශීය ප්‍රජාවන් තුළ ධනාත්මක බලපෑමක් සහ තිරසාර සංවර්ධනයක් ඇති කිරීමට ක්‍රියා කරනු ඇත. 

සර්වග්‍රාහී නායකත්ව ගුණාංග විදහා දක්වමින්, එක්සත් ජනපද තානාපති කාර්යාලයේ තරුණ සංසදය වයස අවුරුදු 18 සිට 25 දක්වා විවිධ ශ්‍රී ලාංකික පුද්ගලයින්ගෙන් සමන්විත වේ. විවිධ පසුබිම්වල තරුණ වැඩිහිටියන් 15 දෙනෙකුගෙන් සමන්විත සෑම තරුණ සංසද කණ්ඩායමක්ම නායකත්ව කුසලතා ඔප්නැංවීමට, ව්‍යාපෘති කළමනාකරණ විශේෂඥතාව ලබා ගැනීමට සහ සහයෝගී විසඳුම් හරහා ප්‍රජා අවශ්‍යතා සපුරාලීමට කැපවී සිටිති. තවද, ශ්‍රී ලංකාවේ ඇමරිකානු පියැසි පහ අඛණ්ඩ නායකත්ව සංවර්ධනය සඳහා කේන්ද්‍රස්ථානයක් වන අතර, වසර පුරා ඉගෙනීමට, හුවමාරු සහ බලපෑම්කාරී මුලපිරීම් සඳහා ඒවායින් අවස්ථා ලබා දෙයි.

වැඩිදුර විස්තර සඳහා කරුණාකර BickelCE@State.govහරහා කෝරි බිකල් සමගින් සම්බන්ධ වන්න.

t

o

p