ඩිජිටල් ආර්ථිකය කරා යෑමට සංඛ්‍යාලේඛන පද්ධතිය නවීකරණය කිරීමට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ශ්‍රී ලංකාවට සහාය පළ කරන බව අරමුදලේ ආසියානු ශාන්තිකර කලාපීය අධ්යක්ෂ පියෝ ස්මිත් මහතා පැවැසීය.
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ආසියා ශාන්තිකර කලාපීය අධ්යක්ෂ පියෝ ස්මිත් මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේ දී ඊයේ පැවැත්වුණු අතර එහිදී පියෝ ස්මිත් මහතා එසේ සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ සංඛ්‍යාලේඛන පද්ධතිය නවීකරණය කිරීමේ සැලසුම් සහ ජනගහන දත්ත පද්ධතිය වැඩිදියුණු කිරීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සඳහා පසුගිය වසර පනහක කාලයේ ලබාදුන් සහාය පිළිබඳ ව අගමැතිවරයා මෙහිදී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල වෙත ස්තුතිය පළ කළේය.
ඩිජිටල් ආර්ථිකය කරා ගමන් කිරීමට දත්ත පද්ධති වැඩිදියුණු කිරීම වෙනුවෙන් අඛණ්ඩ සහාය ලබාදෙන බවට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ කලාපීය අධ්යක්ෂවරයා සහතික විය. කාන්තාවන්ගේ සහ ගැහැනු දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේ සහ ජාතික මට්ටමේ සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ වැඩසටහන් සඳහා සහාය වීමට ද අධ්යක්ෂවරයා සිය අභිමතය ප්‍රකාශ කළේය. මීට අමතරව බිම් මට්ටමේ ප්‍රජාව වෙත ගොස් ඔවුන්ගේ අවශ්‍යතා තමා විසින් ම තක්සේරු කරගැනීමටත් ඒ අනුව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ඵලදායී සහාය සඳහා ක්ෂේත්‍ර හඳුනා ගනිමින් කටයුතු කරයි.ඒ වෙනුවෙන් තමා ඊයේ කිළිනොච්චියේ සංචාරක යෙදෙමින් බිම මට්ටමේ අවශ්‍යතා හඳුනා ගැනීමට උත්සාහ කළ බවත් ග්‍රාමීය ප්‍රජාවගේ ප්‍රධාන ප්‍රශ්නයක් වන කාන්තා හිංසනය සම්බන්ධ ගැටලු විසඳීමට රජය ගෙන ඇති පියවරවල සාර්ථකත්වය අගය කරන බවත් ඒ මහතා සඳහන් කළේය. බොහෝ ප්‍රදේශවල කාන්තා හිංසන ගැටලු තිබෙන බැවින් එම ක්ෂේත්රයේ දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට සිය ආයතනය සහාය දෙන බව ද එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ කලාපීය අධ්යක්ෂවරයා සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ශ්‍රී ලංකා රජය සහ රට පුරා විසිරී සිටින විවිධ පාර්ශ්වකරුවන් සමඟ කල්පවත්නා සහයෝගීතාව තවදුරටත් පවත්වා ගනිමින් සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ ප්‍රගතිය වෙනුවෙන් කටයුතු කරයි.
පවුල් සැලසුම්, මාතෘ සෞඛ්‍ය සේවා ඇතුළත් පුළුල් ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සේවා වා සැපයීම සඳහා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් ජංගම සෞඛ්‍ය සායන ආරම්භ කිරීම සහ අර්බුදකාරී කාලය තුළ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා ප්‍රවේශය සහතික කිරීමට ගැබිනි කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට මාතෘ හා ගරුත්ව උපකරණ කට්ටල (prepositioned maternity and dignity kits) සැපයීමට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ගත් ප්‍රවේශය ගැමි ජනයාට ඉමහත් ප්‍රයෝජනවත් වූ බව අගමැතිවරයා පැවැසීය.
අගමැති ලේකම් අනුර දිසානායක,එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත කුන්ලේ ඇඩෙනියි,එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ වැඩසටහන් විශේෂඥ මධු දිසානායක මහත්වරු මෙම හමුවට එක්වූහ.